අරවින්ද ද සිල්වා විශේෂ පොලිස් ඒකකයට (වීඩියෝ)

Tuesday, 30 June 2020 - 13:23

%E0%B6%85%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අරවින්ද ද සිල්වා ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් එකකය වෙත අද කැඳවා තිබෙනවා.

ඒ, 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතරගය පාවාදීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකල චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

සුගතදාස ක්‍රීඩාංගනයේ පිහිටි ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් එකකය වෙත අරවින්ද ද සිල්වා පස්වරු 2ට පෙනී සිටිමට නියමිතයි.

තරඟ පාවාදීම සම්බන්ධයෙන් සැක කල හැකි තොරතුරු කිහිපයක් ලිඛිතව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමුකර ඇති බවද මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා සදහන් කර තිබුනා.

එමෙන්ම, ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් එකකය හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්දගෙන් මීට පෙර ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා.

කෙසේ වෙතත්, අද දිනයේ අරවින්ද ද සිල්වාගෙන් ලබා ගන්නා ප්‍රකාශ අනුව 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීම සම්බන්ධයෙන් වු ඉදිරි විමර්ශණ සිදුකරන බවද විශේෂ පොලිස් එකකය වැඩිදුරටත් සදහන් කර සිටියා


ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2459 දක්වා ඉහළට
Saturday, 11 July 2020 - 18:05

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2459ක් දක්වා ඉහළ ගොස්... Read More

CID අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් රඳවාගෙන ප්‍රශ්ණ කෙරේ - ලද තොරතුරු අනුව T56 උණ්ඩ 750ක් සොයාගනී
Saturday, 11 July 2020 - 18:09

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් පොලිස්... Read More

වැලි සහ අපද්‍රව්‍ය නිසා ගාලුපාරේ ගමනාගමනයට බාධා (වීඩියෝ)
Saturday, 11 July 2020 - 17:02

අම්බලන්ගොඩ - කහව - මීටියාගොඩ - අකුරල ප්‍රදේශවලදී ගාල්ල - කොළඹ... Read More