විනීතගම ජනතාව පීඩා විඳීන ජල ගැටලුව (වීඩියෝ)

Tuesday, 30 June 2020 - 13:48

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B6%9C%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B3%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%94%E0%B7%80+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


නිල්ල ගැහුණු විනීතගම, නමුණුකුල පාමුල පිහිටි බදුල්ල දිස්ත්‍රික් සීමාවට අයත් වන කුඩා ගම්මානයක්.

බැලූ බැල්මට සුන්දරත්වයෙන් අනූන වුවත් 300 ක් පමණ වන එහි වෙසෙන පවුල් උග්‍ර ජල අර්බුදයකින් පීඩා විඳින්නේ වසර ගණනාවක සිටයි.

ජල බිඳක් වෙනුවෙන් අසල්වාසියා සමග අඩදබරයේ පැටලෙන්ටද අද වන විට ඔවුන් පැකිලෙන්නේ නැහැ.

මේ ටැංකිය පිරෙන්නේ නමුණුකුල මුදුනේ සිට එලන ලද බටයකින් එකතු වන ජලයෙන්.

නමුත් ඒ තුලින් එන්නේ ජලය පමණක් නොවේ.

පිරිසිදු ජල බිඳක් වෙනුවෙන් තිස් වසරක පමණ කාලයක් මුලුල්ලේ විනීතගම වැසියන් නගන හඬ වගකිව යුතු බලධාරීන්ටත් ඡන්දය ඉල්ලා පැමිණෙන දේශපාලකයන්ටත් නෑසුණේ ඇයිද යන්න විමතියට කරුණක්.

ජලය වෙනුවෙන් අනවරත අරගලයක නිරත මේ ජනතාව අවිනීත වීම වලක්වා ගත හැකි රේඛීය අමාත්‍යංශයට මෙන්ම පළාත් සභාවට අයත් වන රාජ්‍ය ආයතන බොහෝය.


වැඩිහිටි දීමනාව ගැන ආණ්ඩුවෙන් පරස්පර අදහස් - සජිත් ප්‍රේමදාස
Wednesday, 08 July 2020 - 20:50

වැඩිහිටි දීමනාව සම්බන්ධයෙන් ආණ්ඩුව පරස්පර අදහස් ප්‍රකාශ... Read More

සමගි ජන බලවේගයේ ඉලක්කය අගමැති පහදයි
Wednesday, 08 July 2020 - 20:49

එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ ඉලක්කය සිරිකොත පක්ෂ... Read More

ප්‍රසන්නගෙන් දයාසිරිට උත්තර දෙයි
Wednesday, 08 July 2020 - 20:41

උගත්කම පමණක් නොව ප්‍රතිපත්තිගරුක වීම ද දේශපාලනඥයෙකුට අත්‍යාවශ්‍ය... Read More