ETI තැන්පත්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම යළි කැඳවීම සැප්තැම්බර් 25 වනදා

Tuesday, 30 June 2020 - 14:07

ETI+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+25+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
සිය තැන්පතු මුදල් ආපසු ගෙවන ලෙස ශ්‍රී ලංකා මහබැංකුවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඊ.ටී.අයි තැන්පත්කරුවන් විසින් ගොනු කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් 25 වනදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළා.

ඊ.ටී.අයි සමාගම සතු වත්කම් අත්පත් කරගනිමින් මුදල් අහිමි වු තැන්පත්කරුවන්ගෙන් තැන්පත් මුදල් ආපසු ගෙවන වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ශ්‍රී ලංකා මහබැංකුවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම සංගමය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසුරිය, එල්.ටී.බි.දෙහිදෙණිය සහ එස්. තුරෙයි රාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද එය යලි සලකා බලනු ලැබුවා.


පිටුවල ගම්වාසීන්ට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයාගෙන් පිළිතුරු
Wednesday, 08 July 2020 - 20:55

ඇල්පිටිය - පිටුවල කනිෂ්ඨ විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානය... Read More

වැඩිහිටි දීමනාව ගැන ආණ්ඩුවෙන් පරස්පර අදහස් - සජිත් ප්‍රේමදාස
Wednesday, 08 July 2020 - 20:50

වැඩිහිටි දීමනාව සම්බන්ධයෙන් ආණ්ඩුව පරස්පර අදහස් ප්‍රකාශ... Read More

සමගි ජන බලවේගයේ ඉලක්කය අගමැති පහදයි
Wednesday, 08 July 2020 - 20:49

එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ ඉලක්කය සිරිකොත පක්ෂ... Read More