MOH, PHI සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට ජුලි 13 තැපැල් ඡන්දය භාවිත කිරීමට අවසර

Tuesday, 30 June 2020 - 14:58

MOH%2C+PHI+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B7%94%E0%B6%BD%E0%B7%92+13+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා තවත් දිනයක් වෙන් කිරීමට මැතිවරණ කොමිසන් සභාව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මීට පෙර නම් කළ දින 6ට අමතරව ජූලි මස 13වනදා තැපෑලෙන් ඡන්දය භාවිත කිරීම සඳහා අවස්ථාව හිමිවන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ටයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ හැර රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සළකුණු කිරීම ජූලි මස 14 සහ 15වනදා සිදුකිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසම මීට පෙර නිවේදනය කළේ.

එසේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවල තැපැල් ඡන්ද සළකුණු කිරීම ජූලි මස 16 සහ 17වනදා සිදු කෙරෙනවා.

එම දිනවලදී තැපැල් ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව නොලැබෙන තැපැල් ඡන්ද හිමියන්ට ජූලි මස 20 සහ 21යන දිනවලදී සිය ඡන්දය භාවිත කළ හැකියි.