රටම කම්පා කරවූ ලග්ගල සේර ඇල්ලට වැටුණු පෙම්යුවල බේරන්න මුලින්ම වතුරට පැන්න අම්මා කියන සංවේදී කතාව

Tuesday, 30 June 2020 - 15:23

%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B7%96+%E0%B6%BD%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80


විවාහ උත්සවයේ පෙරහුරු ඡායාරූප ගත කිරීමක් සඳහා ලග්ගල - ඉලුක්කුඹුර ප්‍රදේශයේ පිහිටි සේරඇල්ලට ගොස් ඉන් ඇද වැටී මියගිය තරුණයා සම්බන්ධ පුවත පිළිබඳව ඊයේ දිනයේ මුළු රටේම අවධානය යොමුවූවා.

කෙසේ වෙතත් එම අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි පෙම්වතියගේ මවද මොවුන් දෙදෙනා බේරාගැනීමට ජලයට පැන ඇති බවයි වාර්තාවන්නේ.

ඇය එම සංවේදී කතාව විස්තර කරමින් පැවසුවේ සිය දියණියගේ හැට්ටයෙන් අල්ලාගැනීමට සමත්වුවද ඒ වනවිටත් තරුණයා දියේ ගිලී ගිය බවයි.

වයස අවුරුදු 27 ක් වූ ඔහු සිය 20 හැවිරිදි පෙම්වතිය සහ මව්පියන් සමඟ කුරුණෑගල සිට ලග්ගල - සේරඇල්ල වෙත පැමිණි අවස්ථාවේදීයි මෙම අනතුර සිදුවූයේ.

කෙසේ වෙතත්, ඡායාරූප ගන්නා අවස්ථාවේදී ඔවුන් දෙදෙනාම පය ලිස්සා සේර ඇල්ලට ඇද වැටීමෙන් තරුණයා ජීවිතක්ෂයට පත්වූවා.

මේ අතර ඔවුන් මෙලෙස අවාසනාවන්ත ලෙස ජලයට ඇදවැටීමට පෙර ලබාගත් ඡායාරූපයද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.


තවත් කොරෝනා ආසාදිතයන් 09ක් වාර්තාවෙයි
Wednesday, 08 July 2020 - 18:38

තවත් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

පාසල් විවෘත වීමත් සමග, දරුවන් කොවිඩ් 19 ආසාදනයෙන් වළක්වා ගත හැක්කේ කෙසේද ?
Wednesday, 08 July 2020 - 18:25

පාසල් විවෘත වීමත් සමග දරුවන් කොවිඩ් 19 ආසාදනයෙන් වළක්වා ගැනීමට... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Wednesday, 08 July 2020 - 18:18

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More