දඹුල්ලේ පුද්ගලයෙකු ටයර් දමා පිළිස්සීමේ සැකකරුවන් දින 30ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර (වීඩියෝ)

Tuesday, 30 June 2020 - 18:42

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A7%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+30%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29



දඹුල්ල ඉහල ඇරැවුල ගෝනවැව ප්‍රදේශයේදී ටයර් දමා පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් තුන්දෙනා රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා දඹුල්ල මහේස්ත්‍රාත් සෙනරත් බණ්ඩාර ඉලංගසිංහ, දඹුල්ල පොලීසියට 30 දින අවසර ලබාදී තිබෙනවා.

මතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන දඹුල්ල පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කර තිබුනා.

පසුව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්. පී. එදිරිසිංහ මාතලේ කොට්ඨාසඅපරාධ අංශයේ කණ්ඩායම් නායක පොලිස් පරීක්ෂක එස් .පී .එම් තිලකවර්ධන යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් ප්‍රධාන සැකකරු සිද්ධිය වූ ස්ථානයට රැගෙන ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

එම ස්ථානයට ගිය ප්‍රධාන සැකකරු පොලීසියට කියා සිටියේ පළමු දිනයේ තම මිතුරෙකුගේ උදව්වෙන් මෙම පුද්ගලයා ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කළත් එදින ඝාතනය කිරීමට නොහැකි වූ බවයි.

මෙම මියගිය පුද්ගලයා යතුරු පැදියකින් රැගෙන විත් උදැල්ලකින් හිසට පහරදී ඝාතනය කොට මිතුරා ගෙනත් දුන් පරණ ටයර් විසි අටක් දමා සිරුරට ගිනි තැබූ බව සැකකරු පොලිසියට පාපොච්චාරණය කර තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ බිරිඳ සමඟ තමන් අනියම් සබඳතාවක් පැවැත්වූ බවත් මෙම මියගිය පුද්ගලයා ද එය දැනගෙන සිටි බවද ඔහුගේ අනුදැනුම මත තිදෙනා එක්ව විකෘති ලිංගික ආශාවන් ඉෂ්ට කිරීම තමා විසින් සිදුකරන ලැබූ බවද සැකකරු පොලිසියට පාපොච්චාරණය කර ඇති බව වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් පොලිසිය ප්‍රශ්න කරමින් සිටින අතර මියගිය පුද්ගලයාගේ බිරිඳ ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට සූදානම් යන බව පොලිසිය පවසන්නේ.

මෙම පුද්ගලයා වැඩිදුරටත් පොලීසියට සඳහන් කොට ඇත්තේ  ඝාතනය වූ තම මිතුරා 2001 වසරේ සිට ඇසුරු කරන අයෙකු බවයි.

ඔහුව ඝාතනය කොට තමන් ඔහුගේ බිරිඳ ළඟට ගොස් ලැගුම්හලක බිරිඳ සමඟ නැවතුණු බවද ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී තමන්ගේ බිරිඳටත් මියගිය පුද්ගලයාගේ බිරිඳ ටත් මෙම මිතුරා ඝාතනය කළ බව දැන් වූයේ යැයිද සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇති බව සඳහන්.

පසුගියදා දඹුල්ල, ඉහළ ඇරෑවුල, ගෝනවැව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර ටයර් දමා පුළුස්සා දැමීමේ  සිද්ධියට සම්බන්ධ බවට සැක කරන  පුද්ගලයන් තිදෙනෙකු මාතලේ කොට්ඨාශ අපරාධ අංශය මඟින් අත්අඩංගුවටගෙන  29 රාත්‍රියේ දඹුල්ල පොලිසිය වෙත භාර දුන්නා.

දඹුල්ල, ඉහළ ඇරෑවුල, ගෝනවැව ප්‍රදේශයේ කැලෑවක් තුළ ටයර් දමා පුද්ගලයෙකු පුළුස්සා ඇති බව පොලිසිය සොයා ගත්තේ  පසුගිය 16 වනදායි.


වැඩිහිටි දීමනාව ගැන ආණ්ඩුවෙන් පරස්පර අදහස් - සජිත් ප්‍රේමදාස
Wednesday, 08 July 2020 - 20:50

වැඩිහිටි දීමනාව සම්බන්ධයෙන් ආණ්ඩුව පරස්පර අදහස් ප්‍රකාශ... Read More

සමගි ජන බලවේගයේ ඉලක්කය අගමැති පහදයි
Wednesday, 08 July 2020 - 20:49

එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ ඉලක්කය සිරිකොත පක්ෂ... Read More

ප්‍රසන්නගෙන් දයාසිරිට උත්තර දෙයි
Wednesday, 08 July 2020 - 20:41

උගත්කම පමණක් නොව ප්‍රතිපත්තිගරුක වීම ද දේශපාලනඥයෙකුට අත්‍යාවශ්‍ය... Read More