හිටපු රාජ්‍ය ඇමතිවරුන්ගේ වාහන 5 ක් අත්අඩංගුවට ගන්නැයි නියෝග (වීඩියෝ)

Tuesday, 30 June 2020 - 19:43

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජුලි 13 වනදා වෙන් කර තිබෙනවා.

මීට පෙර නම් කළ දින 6 ට එය ඇතුළත්ව තිබුණේ නැහැ.

අනෙකුත් රජයේ නිලධාරීන් සඳහා ජූලි 14 සිට 17 දක්වා තැපැල් ඡුන්දය සඳහා දින වෙන් කර ඇති අතර, එම දිනවල ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව නොලැබෙන තැපැල් ඡන්ද දායකයන්ට ජුලි මස 20 සහ 21 යන දිනවලදී සිය ඡන්දය භාවිත කළ හැකියි.  

මැතිවරණයේ ඡන්දය පවත්වන කාලසීමාව දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳව ලබන සතියේ තීරණය කරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.

එසේම මෙතෙක් රථවාහන භාර නොදුන් හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වාහන 5 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කර ඇති බවයි ඔහු කියා සිටියේ.
 
මේ අතර ඉදිරි මහ මැතිවරණය සඳහා කරුණා අම්මාන්ට ඉදිරිපත්වීමට ඉඩ ලබානොදෙන ලෙස ඉල්ලා සිංහලේ සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් අද මැතිවරණ කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් නොකරන කිසිදු අයෙකුට අවස්ථාව ලබා නොදීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය සහ මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා භාවිත කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.