ඊ.ටී.අයි. පෙත්සම සළකා බැලීම කල් යයි (වීඩියෝ)

Tuesday, 30 June 2020 - 19:52

%E0%B6%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B7%83%E0%B7%85%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම අද සලකා බැලුවා.  

මේ අතර ඊ.ටී.අයි. සමාගමේ සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව අදත් සාක්ෂි විමසීම සිදු කළා.

කොමිසම හමුවේ අද පෙනී සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අංශයේ හිටපු අධ්‍යක්ෂ ඩබ්ලිව් රණවීරයි.

සාක්ෂි ලබා දීමේදී ඔහු කොමිසම හමුවේ කියා සිටියේ ඊ.ටී.අයි. ආයතනයේ අයථා මුදල් තැන්පත් භාර ගැනීමට එරෙහිව ඔහු අධ්‍යක්ෂ ධුරය දැරූ වසර 3 ක පමණ කාලය තුළ ඊ.ටී.අයි.ආයතනයට විරුද්ධව කිසිදු නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් නොගත් බවයි.

මේ අතර ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමද අද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය නොවන ආයතන අංශය විසින් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් ඊ.ටී.අයි සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම සඳහා අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

කෙසේ වෙතත් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ එම ඉල්ලීමට විරෝධය පළ කළා.

ඔහු පැවසුවේ ඊ.ටී.අයි සමාගමේ කටයුතු පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ මේ දිනවල විවිධ ආන්දෝලනාත්මක කරුණු හෙළිදරව් වෙමින් පවතින හෙයින් එම තත්ත්වය වසන් කිරීම සඳහා මහ බැංකුවේ නිලධාරීන් නීතිපතිවරයා හරහා මෙම මෝසම ඉදිරිපත් කර තිබෙන බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ මෙම මෝසම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කිසිදු නියෝගයක් සිදුකළේ නැහැ.

පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 25 වනදා තෙක් කල් තැබුණා.



පරිසර අමාත්‍යාංශයට පැමිණි නාගයා (වීඩියෝ)
Tuesday, 07 July 2020 - 23:11

පරිසර හානි වැළක්වීම සඳහා වන 5/2001 චක්‍රලේඛය අහෝසි නොකරන ලෙස... Read More

මැතිවරණයෙන් ඉවත්වීමට තීරණය කළ බව තෙවරප්පෙරුම කියයි (වීඩියෝ)
Tuesday, 07 July 2020 - 23:01

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින්... Read More

\
Tuesday, 07 July 2020 - 22:50

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More