දේශපාලන පළිගැනීම් කොමිසම අදත් සාක්ෂි විමසයි (වීඩියෝ)

Tuesday, 30 June 2020 - 20:21

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


යහපාලන ආණ්ඩු සමයේදී යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දේශපාලනිකරණයට ලක්ව තිබූ බව හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් ප්‍රකාශ කළා.

ඒ, දේශපාලන පලි ගැනීම් පිලිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

ජනතා විමුක්ති පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් ඇතුළු වගඋත්තරකරුවන් පිරිසක් ද අද කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා.

හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත්ගෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් රොහාන්ත අබේසුරිය මෙහිදී විමසා සිටියේ එම්.වී මහනුවර නෞකාවේ නඩුව සම්බන්ධයෙන් කුමන හෝ පාර්ශ්වයක් සමඟ සාකච්ඡා පවත්වා තිබේ ද යන්න පිළිබඳවයි.

අරලියගහ මන්දිරයේ දී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ කිහිප අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ඔහු ප්‍රකාශ කළා.  

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ද අදාළ කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව සඳහන් කළ ඔහු හිටපු ජනාධිපතිනි

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ද රාජ්‍ය නිලධාරීන් කැඳවා නඩු කටයුතු සම්බන්ධව විමසූ බවයි කියා සිටියේ්.

එය මුළුමනින්ම වැරදි පූර්වාදර්ශයක් බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ පැවසුවා.  

මේ අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ”නිශ්ශංක සේනාධිපතිට රට යන්න අවසර දීල තියෙනවා කවුරු හරි නිලධාරියෙක්. ඔහුගේ වැඩ තහනම් කරන්න  ඕනේ’’ යනුවෙන් මේසෙට ගහලා කිව්වා යනුවෙන්ද සාක්ෂිකරු කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව සාක්ෂි ඇත්නම් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ද පාඨලී චම්පික හිටපු අමාත්‍යවරයා තමාට දැනුම් දුන් බව සාක්ෂිකරු මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුලු 08 දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නිතීපතිවරයා පවරා ඇති නඩුවේ චෝදනා ඉදිරියටත් පවත්වාගෙන යා නොහැකි බවට විත්තිය ඉදිරිපත් කළ මුලික විරෝධතාව අද ප්‍රතික්ෂේප කෙරුණා.

ඒ ඊට අදාල පෙත්සම ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැදිගේ සහ මංජුල තිලකරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.

චෝදනා 19 ක් යටතේ නීතීපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා. නඩු විභාගය සඳහා දැනටමත් නොවැම්බර් මස 02 වනදා දින නියම කර ඇති අතර නඩුව කැඳවීමේ දින ලබන මස 30 වනදා නියම කිරිමටයි විනිසුරු මඩුල්ල නියෝග කළේ.   




පරිසර අමාත්‍යාංශයට පැමිණි නාගයා (වීඩියෝ)
Tuesday, 07 July 2020 - 23:11

පරිසර හානි වැළක්වීම සඳහා වන 5/2001 චක්‍රලේඛය අහෝසි නොකරන ලෙස... Read More

මැතිවරණයෙන් ඉවත්වීමට තීරණය කළ බව තෙවරප්පෙරුම කියයි (වීඩියෝ)
Tuesday, 07 July 2020 - 23:01

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින්... Read More

\
Tuesday, 07 July 2020 - 22:50

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More