අප්‍රිකානු දූත මණ්ඩල ප්‍රධානීන් අගමැති හමුවෙයි (වීඩියෝ)

Tuesday, 30 June 2020 - 20:30

%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AF%E0%B7%96%E0%B6%AD+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


තම පාලන සමයේ අප්‍රිකාව සමග ඇති කරගත් ශක්තිමත් සබඳතාවන් යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අප්‍රිකානු දිනය සනිටුහන් කරමින් එරට දූත මණ්ඩල ප්‍රධානීන් පිරිසක් අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදියි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

එහිදී දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් රොබීනා පී. මාක්ස් සඳහන් කර ඇත්තේ කොරෝනා වසංගතය හමුවේ ලොව පුරා බොහෝ රටවල් අසීරුතාවට මුහුණදෙමින් සිටියද ශ්‍රී ලංකාව සහ අප්‍රිකාව මෙම තත්වය අතරතුර නව අවස්ථා උදාකරගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

තමා ජනාධිපති ධුරය දැරූ සමයේ අප්‍රිිකානු කලාපීය රටවල් සමඟ සවිමත් සබඳතාවන් ඇති කරගත් බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළා.

මෙම හමුවට එක්ව සිටි ෂීසෙල්ස්, ඊජිප්තුව, ලිබියාව සහ රුවන්ඩාව යන රටවල රාජතාන්ත්‍රිකයන්ද සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ තේ තම වෙළඳපොල වෙත යොමුකිරීම වැදගත් බවයි.

ඉදිරියේදී අප්‍රිකානු රටවල් අතර සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වුණා.



උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More