එම්.සී.සී. සමාලෝචන වාර්තාව සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ දැනුවත් කරයි (වීඩියෝ)

Tuesday, 30 June 2020 - 21:14

%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D%E0%B6%A0%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


එම්.සී.සී. සමාලෝචන වාර්තාව සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා දැනුවත් කළ බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කළා.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සමඟ පැවති දුරකථන සංවාදයකදී විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම දැනුවත් කිරීම සිදුකර තිබෙනවා.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා මෝගන් ඔර්ටේගස් සදහන් කළේ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ පවතින අඛණ්ඩ අමෙරිකානු සබඳතාවය මෙම සංවාදයේදී තහවුරු කළ බවයි.

කොවිඩ් 19 පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහයවීම පිළිබඳවත් එම දුරකතන සංවාදයේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාව පැවසුවේ ඒ සඳහා ශ්‍රී ලංකාවට මෙතෙක් ලබාදී ඇති මූල්‍යාධාරය ඩොලර් මිලියන 06ක් පමණ වන බවයි.

මෙරට ප්‍රතිසන්ධාන හා නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය සඳහා ඇමරිකාව ලබා දෙන සහය පිළිබඳ ස්තූතිය පල කළ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා MCC සමාලෝචන වාර්තාව සහ එළඹෙන මහමැතිවරණය පිළිබඳ රාජ්‍ය ලේකම්වරයාට කරුණු පැහැදිලි කළ බව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.




උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More