ඉඩම් වංචා වැළැක්වීමට - ඉ-ඉඩම් (E-Land) ලියාපදිංචිය කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස් (වීඩියෝ)

Tuesday, 30 June 2020 - 21:33

%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+-+%E0%B6%89-%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%28E-Land%29+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ඉඩම් ලියාපදිංචියේ දි සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීමට ඉ-ඉඩම්  (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචිය කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමයට) ලියාපදිංචි කිරීමේ වැඩසටහන පිළිබඳව අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීයි මේ බව සඳහන් කර ඇත්තේ.

වංචනික ඉඩම් ලියාපදිංචිය සහ ප්‍රමාදය හේතුවෙන් ජනතාව ගැටළු රැසකට මුහුණ පා සිටීම හේතුවෙන් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචි වැඩසටහන වේගවත් කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

ඉඩම් ලියාපදිංචිය ආශ්‍රිත ආයතන අතර ඒකාබද්ධතාවක අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළ අතර වනජීවි, වන සංරක්ෂණ සහ පරිසර අමාත්‍යාංශ ද ඒකාබද්ධව කමිටුවක් පත්කර වැඩසටහන කඩිනම් කරන්නැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇති බව සඳහන්.

ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචිය යටතේ ඔප්පුව, පත්ඉරුව, පරිගණකගත කෙරෙන අතර පත්ඉරු ලබාගැනීමේදී පරිගණක මුද්‍රණයක් නිකුත් කිරීමටත්, නීතිඥවරුන්ට,  නොතාරිස්වරුන්ට සහ ඕනෑම පුද්ගලයෙකුට හෝ රාජ්‍ය ආයතනයකට හෝ  online ක්‍රමයට ඉඩම් තොරතුරු ලබා ගැනීමටත් අවස්ථාව සැලසීම මගින් ඉඩම් වංචාවන්ට තිත තැබීමට හැකිවන බව නිලධාරීහු පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමග එක්ව අගෝස්තු මාසය වන විට වැඩසටහන ජනගත කිරීමට අපේක්ෂා කෙරෙන බවයි එහිදී වැඩිදුරටත් සඳහන් වූයේ.

මෙලෙස ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) යටතේ ලියාපදිංචි කෙරෙන ඉඩම් වෙනුවෙන් ඉලෙක්ට්‍රොනික පාස් පොතක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන්.



උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More