රණසිංහ ප්‍රේමදාස LTTE යට ආයුද ලබාදුන් බවට UNP ජ්‍යෙෂ්ඨයෙක් කළ ප්‍රකාශය ජාත්‍යන්තර අර්බුදයකට යා හැකියි (වීඩියෝ)

Tuesday, 30 June 2020 - 22:08

%E0%B6%BB%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+LTTE+%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+UNP+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


දැනටමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව ආසන 126ක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක ප්‍රකාශ කළා.

එළඹෙන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට එක් ආසනයක් පමණක් හිමිවන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස් බී දිසානායක සඳහන් කළේ.

මේ වනවිට ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලාපොරොත්තුව සුන් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළා.

මේ අතර මැතිවරණය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන ප්‍රකාශ කළේ වත්මන් විපක්ෂයේ අර්බුදය හේතුවෙන් ජනතාව මැතිවරණයේදී තුනෙන් දෙකකටත් වඩා බලයක් තම පක්ෂයට ලබාදෙන බවයි.

මැතිවරණ වේදිකාවේ අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ප්‍රකාශ කළේ මේ වනවිට ආණ්ඩුවේ තුනෙන් දෙකේ අපේක්ෂාව බහුතරය දක්වා අඩුවී ඇති බවයි.

රණසිංහ ප්‍රේමදාස LTTE යට ආයුද ලබාදුන් බවට එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයෙක් කළ ප්‍රකාශය ජාත්‍යන්තර අර්බුදයකට යා හැකි මට්ටමේ ප්‍රකාශයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණ වේදිකාවේදී MCC ගිවිසුම ඉරාදමන බවට සඳහන් කළ පුද්ගලයන් මේ වනවිට එයට වැඳ නමස්කාර කරන බව ප්‍රකාශ කළේ හිටපු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි විසින්.

ඉතිහාසය පුරා සෑම ආණ්ඩුවක්ම බලය ලබාගැනීම සඳහා බොරුව භාවිත කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා.

මේ අතර MCC ගිවිසුම සම්බන්ධයෙන් අදහස් පළකරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ශේශාන් සේමසිංහ ප්‍රකාශ කළේ එය වත්මන් රජයට අදාළ ගිවිසුමක් නොවන බවයි.

දිගින් දිගටම සිදුවන පහරදීම් හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමට කැපවිය යුතු බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළා.


උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More