ක්‍රිකට් ලොව කැළඹුණු ලංකාවේ ඌව විස්සයි විස්ස ක්‍රිකට් ගැටුම ගැන ඇත්ත..නැත්ත...? (වීඩියෝ)

Tuesday, 30 June 2020 - 22:27

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%8C%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD..%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD...%3F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

ඌව ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය නමින් මෙරටදී ක්‍රියාත්මකවන නාමමාත්‍රික ක්‍රිකට් තරගාවලියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඔවුන් ජගත් ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කිරීමට තීරණය කර ඇත්තේ එම තරඟාවලිය තරග පාවාදෙන්නන් විසින් මුදලට ඔට්ටු තැබීම සඳහා සැලසුම් කළ බවට සැක මතුවීම හේතුවෙන්.

කණ්ඩායම් 4කගේ සහභාගිත්වයෙන් ඌව ප්‍රීමියර් ලීග් තරගාවලිය ඊයේ සිට ලබන මස 5 වැනිදා දක්වා පැවැත්වෙන බව සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් ඉන්දීය ක්‍රීඩා වෙබ් අඩවි වාර්තා කර තිබුණේ කණ්ඩායම් වල නායකත්වය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන TM ඩිල්ශාන්, අජන්ත මෙන්ඩිස්, ෆර්විස් මහරුෆ් සහ තිලිණ තුෂාර දරණ බවට සඳහන් කරමින්.

බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ බව දක්වමින් ඉන්දීය වෙබ් අඩවි කිහිපයක් මගින් සජීවී ලකුණු පුවරුද දක්වා සිටියත් එවැනි කිසිදු තරගාවලියක්
මෙරට ක්‍රියාත්මක නොවන බව අප කළ සංචාරයකදී අද මේ අයුරින් ඔප්පු වුණා.

මෙම තරගාවලිය සඳහා ඌව පළාත් ක්‍රිකට් සංගමය මගින් අනුමැතිය ලබා දී ඇති බවත් ඌව ප්‍රිමයර් ලීග් T 20 FACEBOOK පිටුවේ සඳහන් කර තිබුණා.

කොවිඩ් 19 අවදානම හේතුවෙන් කිසිදු ක්‍රිකට් තරගාවලියක් ලොව පුරා ක්‍රියාත්මක නොවන මෙවන් අවස්ථාවක මේ සිදු කරන්නේ ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවල බුකිකරුවන් වෙත ක්‍රිකට් තරග ඔට්ටු දැමීමේ අවස්ථාවක් සැලසීමදැයි මතුවන්නේ බරපතල සැකයක්.

මේ පිලිබඳ අප වෙත අදහස් දක්වමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්විස් මහරුෆ් පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නම් යොදා සිදු කළ මෙම ක්‍රියාව සම්බන්දයෙන් තමන් අතිශය කණගාටුවට පත්වන බවයි.

ඊයේ දිනයේදී ඉන්දීය වෙබ් අඩවි වාර්ථා කළ තිබු පැවති තරග 2කින් එක් තරගයට ක්‍රීඩා කළ බව සදහන් කර තිබු සචිත්‍ර සේරසිංහ පැවසුවේ එවැනි කිසිදු තරගාවලියක් සම්බන්ධයෙන් තමන් නොදන්නා බවයි.

එමෙන්ම සචිත්‍ර සේරසිංහ යන නම හැරුණු විට එහි සඳහන් අනෙකුත් ක්‍රීඩකයන්ගේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නමින් කොටස් ගෙන නිර්මාණය කළ තිබු ඒවායි.

ඌව ප්‍රිමයර් ලීග් T 20 තරගාවලිය පිලිබඳ හිරු SPORTS කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කළේ මේ පිලිබඳ ජගත් ක්‍රිකට් කවුන්සලයේ දුෂණ විමර්ෂණ ඒකකය සහ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ෂණ ඒකකය ද පැමිණිලි සිදු කරන බවයි.

මේ අතර ක්‍රීඩා වැරදි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත සම්බන්දයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවති වැඩමුළුවකදී නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා තරග පාවාදීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.



පාස්කු කොමිසමේ සාමාජිකයින් සයින්දමරුදු යයි
Saturday, 11 July 2020 - 20:35

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු විමර්ශනය කරන... Read More

අගුලාන සිද්ධිය ගැන සාධාරණ හා විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව පොලීසිය කියයි
Saturday, 11 July 2020 - 20:24

මොරටුව - ලුනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු... Read More