ගොඩබෑමට කටයුතු නොකළ දොඹකර 3 ට ලක්ෂ 900 ක නෞකා ගාස්තුවක් ගෙවන්න වෙයි (වීඩියෝ)

Tuesday, 30 June 2020 - 22:58

%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B6%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%9C%E0%B6%B9%E0%B6%9A%E0%B6%BB+3+%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+900+%E0%B6%9A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය වෙනුනේ රැගෙන ආ දොඹකර 3 ක් මෙතෙක් නෞකාවෙන් ගොඩබෑමට කටයුතු නොකිරීම හේතුවෙන් නෞකා ගාස්තු ලෙස පමණක් රුපියල් ලක්ෂ 900 ක පමණ මුදලක් ගෙවීමට සිදුව තිබෙනව බව වරාය වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් වෘත්තිය සමිති නියෝජිතයන් සඳහන් කළේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීම අත්හිටුවීමට වත්මන් රජය කටයුතු නොකළහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.

කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු සහ මෙහෙයුම් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය චීනයෙන් ඇනවුම් කළ ග්‍රැන්ටි දොඹකර 3 ක් ZPMC නෞකාව මගින් මෙරටට රැගෙන විත් තිබුණේ පසුගිය 20 වැනිදායි.

ඒ සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 25.5 ක් බව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

එහෙත් මේ දක්වා එම දොඹකර ගොඩබෑමට කටයුතු කර නැහැ.

මේ හේතුවෙන් නෞකා ගාස්තු ලෙස පමණක් දිනකට රුපියල් ලක්ෂ 94 බැගින් මේ දක්වා ගෙවීමට සිදුව ඇති මුදල රුපියල් ලක්ෂ 900 ඉක්මවන බව එම වෘත්තිය සමිති පෙන්වා දෙනවා.

ඔවුන් චෝදනා කරන්නේ පසුගිය රජය ඇතිකරගත් ගිවිසුම් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.


මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2464 දක්වා ඉහළ යයි
Saturday, 11 July 2020 - 19:16

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2464 ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2459 දක්වා ඉහළට
Saturday, 11 July 2020 - 18:05

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2459ක් දක්වා ඉහළ ගොස්... Read More

CID අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් රඳවාගෙන ප්‍රශ්ණ කෙරේ - ලද තොරතුරු අනුව T56 උණ්ඩ 750ක් සොයාගනී
Saturday, 11 July 2020 - 18:09

හෝමාගම - පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියට අදාළව තවත් ගිනි ටී-56... Read More