උතුරේ අතුරුදහන්වූවන් පිළිබඳ සොයාබැලීමට විශේෂ පරීක්ෂණයක් ඉල්ලයි

Wednesday, 01 July 2020 - 6:52

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාරවීමෙන් අනතුරුව අතුරුදහන්වූ තම ඥාතීන් පිළිබඳ සොයාබැලීම සඳහා විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා  අතුරුදහන්වුවන්ගේ ඥාතීන් පිරිසක් ඊයේ(30) වවුනියාව හා කිලිනොච්චිය නගරයේදී විරෝධතාවක නිරතවී තිබෙනවා.

ආරක්ෂක අංශ වෙත භාරවූ පිරිස් පුනරුත්ථාපනය කොට නැවත සමාජගතකොට අවසන් බවත්, අතුරුදහන්ව ඇතැයි පවසන අනෙකුත් පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති බවට රජයේ ඇතැමුන් සිදුකරන ප්‍රකාශ හෙළා දකිමිනුයි මෙම විරෝධතාව පවත්වා තිබෙන්නේ.

විරෝධතාවයේ නිරත වූ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ තම ඥාතීන් යුද්ධයේදී මිය නොගිය බවත් ආරක්ෂක අංශවෙත භාරවීමෙන් අනතුරුව අදාළ කණ්ඩායම් අතුරුදහන්ව ඇති බවයි.

අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් තමන් අඛණ්ඩව වසර තුනකට වැඩි කාලයක් විරෝධතා පැවැත්වු නමුත් කිසිදු පාලනයක් හරහා තමන්ගේ ගැටළුවට නිසි විසදුමක් නොලැබුණු බවද විරෝධතාකරුවන් පවසනවා.

විරෝධතාකරුවන් වැඩිදුරටත් පවසන්නේ අතුරුදහන්වූවන් සොයාදීමට විශේෂ විමර්ශනයක් පවත්වන ලෙසට වර්තමාන පාලකයින්ගෙන් ඉල්ලීම් කරන බවයි.

මේ අතර, අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවය අතරතුර නිරෝධායන නීති කඩකරන්නේද යන්න නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පැමිණ තිබෙනවා.

විරෝධතාවයන් වෙනුවෙන් වවුනියාව හා කිලිනොච්චිය දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හා සිවිල් සංවිධාන නියෝජිතයින් ද එක්ව සිටියා.


පසුගිය රජය ලබා ගත් ණය වලින් කිසිවක් කර නැහැ - අගමැති මහින්ද
Saturday, 11 July 2020 - 19:44

තම රජය ණය ලබාගෙන සංවර්ධන කටයුතු සිදුකළත්, පසුගිය රජය ලබාගත්... Read More

දෙවන කොරෝනා රැල්ලේ වගකීම ආණ්ඩුවටයි - සජිත්
Saturday, 11 July 2020 - 19:41

දෙවන කොරෝනා රැල්ලක් ඇති වීම සම්බන්ධයෙන් රජය වගකිව යුතු බව... Read More

සැහැල්ලු වාහන සඳහා ගාලු පාර කහව සහ තෙල්වත්ත හංදිය ප්‍රදේශයෙන් වැසේ
Saturday, 11 July 2020 - 19:39

කහව සහ තෙල්වත්ත හංදිය අතර ප්‍රදේශයෙන් ගාලු පාර සැහැල්ලු රථ... Read More