හිරුගේ අභිමානවත් 22 වන සංවත්සරය අදයි - හිරුට විසි දෙකයි දවස් 22න් දස ලක්ෂපතියන් 22 යි, වැඩසටහනත් අදින් ඇරඹේ

Wednesday, 01 July 2020 - 7:29

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+22+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B7%8A+22%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%83+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+22+%E0%B6%BA%E0%B7%92%2C+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
මෙරට මාධ්‍ය වංශකථාවට නවමු අරුතක් එක් කළ හිරු එෆ්.එම්. අද 22 වන සංවත්සරය සමරනවා.

මේ අතර, අභිමානවත් හිරුගේ 22 වන සංවත්සරය වෙනුවෙන් හිරු සමඟ බැඳුණු සැමට කෘතගුණ පුදන හිරුට විසි දෙකයි - දවස් විසි දෙකෙන් දස ලක්ෂපතියන් විසිදෙකයි වැඩසටහන අදින් ඇරඹෙනවා.

එදා මෙදාතුර ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ පිරිනැමෙන අතිදැවැන්තම මුදල් ත්‍යාග ඇතුලත් මෙම වැඩසටහන යටතේ දිනපතා ලක්ෂ 10ක් ඔබේම කරගත හැකියි.

ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ රාත්‍රී 7.30 සිට 9.55 දක්වා හිරු ටෙලි පෙරහරේ විකාශය වන මහවිරු පණ්ඩු, ගැමුණු මහරජ, අහස් මාළිගා, ආදරෙයි මං ආදරෙයි, නාට්‍ය අතරතුර ඒවා ඇසුරෙන් අසන ප්‍රශ්නවලට අදාළ නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙලින් සටහන් කරගැනීමයි.

පසුව ආදරෙයි මං ආදරෙයි ටෙලි නාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර, විකාශය වූ සැනින් HTP හිස් තැනක්, නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙල හිස්තැනක්, ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ ඔබේ ප්‍රදේශයද ඇතුළත් කර 7766 ට එය එස්.එම්.එස්. කළ යුතුයි.

දවසේ තෝරාගත් වාසනාවන්ත දස ලක්ෂපතියා ඔබනම්, සිහිනයක සේයා ටෙලිනාට්‍යය අතරතුර ජයග්‍රාහකයාගේ නම තිරයේ දිස්වද්දී මිනිත්තු 3ක් ඇතුළත අප විසින් දැනුම්දෙන දුරකථන අංකය ඔස්සේ හිරු ට කථාකර ඔබේ අනන්‍යතාව තහවුරු කරන්න.

අද සිට දිනපතා ලක්ෂ 10 ක් ඔබේම කරගන්න, ඔබ කළ යුත්තේ එක හුස්මට හිරු ටෙලි පෙරහර නැරඹීම පමණයි.


මහ බැංකුව මැදිහත් නොවීමෙන් අසරණ වී ඇතැයි ඊ.ටී.අයි. තැන්පතුකරුවන් කියයි
Saturday, 11 July 2020 - 19:31

තමන්ට හිමි තැන්පතු මුදල් ආපසු ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2464 දක්වා ඉහළ යයි
Saturday, 11 July 2020 - 19:16

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2464 ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2459 දක්වා ඉහළට
Saturday, 11 July 2020 - 18:05

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2459ක් දක්වා ඉහළ ගොස්... Read More