ව්‍යාපාර ණය යෝජනා ක්‍රමය අද සිට

Wednesday, 01 July 2020 - 8:34

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් කඩා වැටුණු ව්‍යාපාර යළි නගාසිටුවීම සඳහා සහන පොලී යටතේ ලබාදෙන ණය යෝජනා ක්‍රමය අද සිට ආරම්භ වනවා.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ කුඩා ණය වෙනුවෙන් සියයට 80ක සහ විශාල ණය සඳහා සියයට 50ක ණය ඇප ආවරණයක් අදාළ බැංකු වෙත ලබාදෙනු ඇති.

ඒ අනුව සියයට 4ක් වැනි අවම පොලියක් යටතේ මෙලෙස ණය ලබාදීමට කටයුතු කරන බවටයි මහබැංකුව ප්‍රකාශ කළේ.