සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වෙයි (වීඩියෝ)

Wednesday, 01 July 2020 - 9:00

%E0%B7%83%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මෙරට ළමා කතන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක් වූ සිබිල් වෙත්තසිංහ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මිය යන විට ඇය 92 වන වියේ පසුවුණා.

මෙරට ප්‍රවීන හා ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පිනියක් ද වන ඇය විසින් කුඩ හොරා, මැටි ගෙදර ළමයි, උඩ ගිය බබා, කුසුමලතා, දුවන රැවුල, අන්දරේ, සූත්තර පුංචා, මල්ලිටයි මටයි ආදී ළමා කෘති 200 කට අධික සංඛ්‍යාවක් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් රචනා කර තිබෙනවා.

ගාල්ල - ගිංතොට ප්‍රදේශයේ උපත ලැබූ ඇය 1956 වසරේදී නිර්මාණය කළ කුඩ හොරා කෘතිය 1986 වසරේදී ජපානයේ පළ වූ හොඳම විදේශීය ළමා කෘතිය ලෙස ද සම්මානයට පාත්‍ර වුණා.

එසේම, ඇය පසුගියදා ගිනස් වාර්තාවක් පිහිටුවනු ලැබුවේ දරුවන් සම්බන්ධ කර ගනිමින් ලොව වැඩිම අවසානයන් සහිත කතන්දර පොත රචනා කරමින්.

පසුගිය වසරේ ලෝක ළමා දිනයට සිබිල් වෙත්තසිංහ විසින් වොන්ඩර් ක්‍රිස්ටල් හෙවත් “පුදුම පළිඟුව” නමැති කතාන්දර පොත රචනා කළ ද එහි අවසානයක් නොමැතිව නිකුත් කෙරුණා.

එම පොත මෙරට කුඩා දරුවන් 20,000 කට පමණ යොමුකර තිබූ අතර, ඔවුන් රචනා කළ අවසානයන් ඇතුළත් කර මෙම කතන්දර පොත භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කෙරුණා.

ඒ අනුවයි, එය වැඩිම අවසානයන් සහිත කතන්දර පොත බවට ගිනස් වාර්තා අතරට එක්වුණේ.

මේ ඇය, හිරු ගොසිප් සමග වසර කිහිපයකට පෙර සොඳුරු අතීතයක මතකාවර්ජනයයි



උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More