ගල් තලාවල නිධන් ලකුණු පෙන්වන්න මුදල් ගරන මේ, කණ්ඩායම දන්නවද ?

Wednesday, 01 July 2020 - 10:22

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B8%E0%B7%9A%2C+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B6%AF+%3F
නිධන් ලකුණු පෙන්වා, මාතලේ අවට මුදල් ගරන කණ්ඩායමක්

නිදන් ලකුණු පවතින බවට විවිධ පිරිස් නොමග යවමින් මුදල් ගරන කල්ලියක් පිළිබද තොරතුරැ මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකින් වාර්තා වෙනවා.

පැරණි ගල්තලාවන් වල විවිධ සත්ව ලකුණු කොටා කෘතිමව පැරණි බව අගවා නිදන් ලකුණු බව පෙන්වා මෙම කණ්ඩායම මුදල් ගැරිම සිදුකරන බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

ගල් කටු හා මිටි උපයෝගි කර ගනිමින් මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි විවිධ ගල් පර්වතයන් හි විවිධ සත්ව රෑප කොටා එම ස්ථාන වල නිදන් පවති බව සදහන්
කරමින් එක් ලකුණක් පෙන්වීම සදහා රැපියල් 5,000 සිට 10,000 දක්වා මෙම කල්ලිය මුදල් ලබාගන්නා බව සිද්ධියට මුහුණ දුන් අප වෙත කියා සිටියේ.

කලක් තිස්සේ සිදුවන මෙම කල්ලියෙ ක්‍රියාකාරකම් හේතුවෙන් පුද්ගලයින් රැසක් මොවුන්ට හසුවී ඇති බවත් මොවුන්ට සහාය දැක්වීම සදහා අදුන්
බලන්නන් පිරිසක් ද සිටින බව තොරතුරැ හෙළිවී ඇත්තේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් මාතලේ උසස් පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමක දී කියා සිටියේ නොපෙනෙන දේ පිළිබදව බලා පොරොත්තු තබා කටයුතු කරනවාට වඩා පෙනෙන දේ පිළිබදව විස්වාසයෙන් කටයුතු කිරිම ප්‍රායෝගික බවයි.


උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More