ඉංගිරියේ වෙළඳසැලක් කොල්ලකයි

Wednesday, 01 July 2020 - 10:44

%E0%B6%89%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
ඉංගිරිය - බටුගම්පළ දකුණ - හඳපාන්ගොඩ ප්‍රදේශයේ වෙළඳසැලකට ආයුධ සන්නද්ධව යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කොල්ලකා පලාගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ෆුල්ෆේස් හෙල්මට් පැළඳ මොවුන් අදාළ වෙළඳසැලට ඇතුළු වී ඇති අතර, ගල්කටස් වර්ගයේ ගිනි අවියක් පෙන්වා එම වෙළඳසැලේ මුදල් අයකැමිගේ රන් මාල දෙකක් සහ ඔහු සන්තකයේ තිබූ රුපියල් 20,000ක් මෙලෙස කොල්ල කා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කොල්ල කෑම සිදුකර පළා යාමේදී වෙඩි තැබීම සිදුකර ඇති අතර, සැකකරුවන් සොයා පොලීසිය මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.