අළුතින් ඇරෙන පාසල් වලට එන දරුවන් ඉලක්ක කර විකිණීමට මත්වන පැණි පුවක් විශේෂයක් මාතලේ කඩ රැසක - මව්පියන්ගෙන් චෝදනා

Wednesday, 01 July 2020 - 11:50

%E0%B6%85%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A9+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+-+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
පසුගිය සමයේ මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් අතර ඉතා වේගයෙන් පැතිර ගිය පැණි පුවක් විශේෂයක් නැවත පාසල් ආරම්භ කිරිමෙන් පසු පාසල් දරුවන්ට විකිණීමේ අරමුණින් කඩ රැසක ගබඩා කර ඇති බවට දෙමව්පියන් චෝදනා කරනවා.

නිසි අනුමැතියක් යටතේ යැයි සඳහන් කරමින් අළෙවි වන මෙම පැණි පුවක් විශේෂයේ එක් පැකැට්ටුවක් රුපියල් දහයක් වන බවත් දරුවන් මුදල් වැයකරමින් මේවා රැගෙන යන බවයි දෙමාපියන් වැඩිදුරටත් පවසන්නේ.

පාසල් දරුවන් ඇබ්බැහි වී ඇති මෙම පැණි පුවක් වි‍ශේෂය නාඋල නගරයේ පමණක් දිනකට පැකට් පන්දහසක් (5000) පමණ අළෙවි වන බව අනාවරණයවී  තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු පැණි පුවක් අළෙවි කරන නාඋල වෙළඳසැල් හිමියෙකු කියා සිටියේ සතියකට මෙම පැණි පුවක් පැකට් තමන්ගේ වෙළඳසැලේ  පමණක් 3000-3500 පමණ අළෙවි වන බවයි.

කුමන ආකාරයේ ලියාපදිංචියකට යටත් වුවද වසංගතයක් බවට පත්වෙමින් යන මෙම පැණි පුවක් සම්බන්ධයෙන් නිසි පරිදි නීතියක් ක්‍රියාත්මක වන්නේ නම් ඕනෑම මොහොතක පැණි පුවක් පැකට් අළෙවියෙන් ඉවත්වීමට තමන් සූදානම් බවද එම ව්‍යාපාරිකයා පවසනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් රැසක් ආසන්නයේ පිහිටි වෙළඳසැල් තුළ පවතින මෙම පැණි පුවක් විශේෂ සොයා එන පාසල් දරැවන්ගේ සංඛ්‍යාව පසුගිය සමයේ දිනෙන් දින ඉහළ ගිය බවයි  නාඋල සෙසු ව්‍යාපාරිකයන්ද පවසන්නේ.

මේ සම්බන්ධයෙන් රජය මැදිහත් වී කඩිනමින් පාසල් දරුවන් සඳහා ලබාදීමට සුදානම් කර ඇති පැණි පුවක් විශේෂය සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ දෙමව්පියන් වග කිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා.


කරුණාට එරෙහි පෙත්සම විභාගය සැප්තැම්බර් 27
Friday, 03 July 2020 - 16:30

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන... Read More

ජින්තුපිටියේ නිරෝධායනයට යොමු කළ 154 දෙනාගෙන් පිරිසක් ගැන අද හෙළිවූ දේ
Friday, 03 July 2020 - 16:04

කොටහේන - ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා... Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්
Friday, 03 July 2020 - 16:00

කොරෝනා ව්‍යාප්තියත් සමග යම් සීමා කිරීම් වලට යටත්ව ක්‍රියාත්මක... Read More