තරංගගෙන් පැය දෙකහමාරකට ආසන්න ප්‍රකාශයක්

Wednesday, 01 July 2020 - 12:37

%E0%B6%AD%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයට අද පෙරවරුවේ පැමිණියා.

එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ මොහු පෙරවරු 10.15ට පමණ මෙම ඒකකයට පැමිණි බවයි.

2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදු වූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි මොහු කැඳවා ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ඊයේ පස්වරුවේ එම ඒකකයට පැමිණි අතර එහිදී ඔහුගෙන් පැය පහ හමාරක ප්‍රකාශයක් ලබා ගත්තා.

මීට පෙර හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුගමගේ ගෙන්ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.  



කළුතර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය විසිකරන්න ගිය 15 ක් අත්අඩංගුවට (වීඩියෝ)
Wednesday, 15 July 2020 - 22:51

හෙරොයින් මත්ද්‍රව්‍ය ජංගම දුරකතන පාර්සල් ලෙස අසුරා කළුතර... Read More

පරදින කිසිවෙකුටත් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න බෑ - නලින් බණ්ඩාර (වීඩියෝ)
Wednesday, 15 July 2020 - 22:34

මැතිවරණ යනු අත්‍යාවශ්‍ය කාරණාවක් බව හිටපු පාර්ලිමේන්තු... Read More

කොමිසමේදී එළියට ආ ඊ.ඒ.පී බ්‍රෝඩ්කාස්ටින් ගැන අලුත්ම හෙළිදරව්ව (වීඩියෝ)
Wednesday, 15 July 2020 - 22:15

ඊ.ඒ.පී බ්‍රෝඩ්කාස්ටින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික... Read More