අතුරුදන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ, පොලිස් පරීක්ෂකවරයාට විදෙස් ගමන් තහනම් (වීඩියෝ)

Wednesday, 01 July 2020 - 12:47

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


හෙරොයින් ජාවාරමට ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වී ඇති දැනට අතුරුදන් බවට පැවසෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයාට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අදාළ උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම අංශ වෙත දැනුම්දීම් සිදුකිරීමට ද කටයුතු කර ඇති බව සඳහන්.

දැනට හෙරොයින් ජාවාරමට සම්බන්ධ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරමින් සිටිනවා.

කෙසේ වෙතත්, ඔවුන් 4 දෙනාට අමතරව චෝදනා එල්ල වී ඇති පොලිස් පරීක්ෂකවරයායි මේ වන විට අතුරුදන් වී ඇත්තේ.

ඔහු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් දිවයින පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.

සැකකාර පොලිස් පරීක්ෂකවරයාට අයත් බවට පැවසූ රුපියල් ලක්ෂ 10ක මුදලක් සහ ගිනි අවියක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ සොයා ගනු ලැබුවා.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් විශාල ප්‍රමාණයක් නැවත ජාවාරම්කරුවන් වෙත විකිණූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම පොලිස් නිලධාරීන් 4 දෙනා, අතුරුදන් වී ඇති බවට පැවසෙන පොලිස් පරීක්ෂකවරයාගේ මෙහෙයවීම යටතේ වැටලීම්වලින් ලබා ගත් හෙරොයින් ගාල්ල බලපිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී ඇසුරුම් කර ඇති බවට ද වාර්තා වනවා.

එමෙන්ම, හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට එල්ල වන මෙම චෝදනාව හේතුවෙන් එම කාර්යාංශය විසින් සිදුකරන වැටලීම් සහ අනෙකුත් ක්‍රියාකාරකම්වලට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සුළුතර නිලධාරීන් පිරිසකට එල්ල වන මෙම චෝදනා හේතුවෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අනෙකුත් නිලධාරීන් ද දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.

මේ අතර, වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කුඩු චාමර නමැත්තාට අයත් රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා මත්කුඩු ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, එම කොට්ඨාශයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වාට ලද තොරතුරකට අනුවයි.

බොරැල්ල - සර්පන්ටයින් මාර්ගයේදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ 32 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු වන අතර, ඔහු සන්තකයේ තිබී සොයා ගැණුනු හෙරොයින් මත්කුඩු ප්‍රමාණය ග්‍රෑම් 505 යි මිලිග්‍රෑම් 600ක්.

මෙම සැකකරුට එරෙහිව මේ වනවිට මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාවක් මත කොළඹ මහාධිකරණයේ නඩුවක් ද විභාග වනවා.


ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් නව ලක්ෂය ඉක්මවයි
Tuesday, 14 July 2020 - 10:58

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට නව... Read More

ජ’පුර සරසවියේ කළමනාකරණ පීඨයේ විභාග කල් දැමේ
Tuesday, 14 July 2020 - 10:30

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අවසන් වසර... Read More

නාකොටික් ජාවාරම ගැන සිවිල් වැසියන් 4 දෙනෙකුගෙන් පැය එකහමාරක ප්‍රකාශයක්
Tuesday, 14 July 2020 - 10:16

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදුකළ බව කියන මත්ද්‍රව්‍ය... Read More