නීතියට පිටින් සිනමන්ග්‍රෑන්ඩ් බෝම්බකරුට, තඹ දුන් හැටි හෙළිවේ (වීඩියෝ)

Wednesday, 01 July 2020 - 13:00

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7%2C+%E0%B6%AD%E0%B6%B9+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉන්ෂාෆ් අහමඞ්ට අයත් ව තිබූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලවට, රිෂාඞ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යධුරය දරණ සමයේ දී කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා නියමිත ක්‍රමවේදය ඉක්මවමින් අබලි ද්‍රව්‍ය නිකුත් කර ඇති බව අනාවරණය වුණා.

ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ හිටපු අලෙවි අධ්‍යක්ෂ සරත් උදයසිරි ඊයේ රාත්‍රියේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයී.

”‍කොලෝසස්”‍ නම් පුද්ගලික සමාගමක් අබලි ලෝහ මිලදී ගැනීම සදහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වි තිබුණේදැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවා.

2017 අගෝස්තු 9 වනදා එම්. අයි. ඉන්ෂාෆ් අහමඞ් නමින් කොලෝසස් නම් ආයතනය ලියාපදිංචිය සඳහා අයදුම් කර තිබූ බව සාක්ෂිකරු සදහන් කළා.

අදාළ ආයතනය වැල්ලම්පිටියේ පිහිටා තිබුණද අංක 27, මුවර් වීදිය, කොළඹ 12 ලෙස යොදා එම ආයතනය ලියාපදිංචි කර ඇති බව ඔහු පැවසුවා.

එම ආයතන ඉල්ලා ඇති අබලි ද්‍රව්‍ය මොනවාදැයි කොමිසම කළ විමසීමට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ තඹ, පිත්තල හා සින්ක් ඉල්ලු‍ම් කර තිබූ බවයි.

2017 සැප්තැම්බර් 29 දින පළමු වරට පිත්තල කිලෝග්‍රෑම් 50ක් රුපියල් 21250යි ශත 17ක මුදලකට කොලෝසස් වෙත අලෙවි කර ඇති බවත් එම වර්ෂය තුළ පිත්තල කිලෝග්‍රෑම් 16,856ක් අදාළ සමාගමට කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් නිකුත් කර ඇති බවත් සාක්ෂිකරු කොමිසමට අනාවරණය කළා.

ඊට අමතරව ට්‍රාන්ස්ෆෝර්මර්ස් 328ක්ද එම සමාගමට ලබාදී තිබූ බව ඔහු සදහන් කළා.

මෙහිදී කොලෝසස් ආයතනය ලියාපදිංචි කිරීමේ පත්‍රය පරීක්ෂා කර බැලූ ජනාධිපති කොමිසම විමසුවේ පිත්තල හා සින්ක් නිකුත් කිරීමට අනුමැතියක් නොලැබී ඇති බැවින් ඉතා විශාල පිත්තල තොග කොලෝසස් සමාගම වෙත නිකුත් වූයේ කෙසේද යන්නයි.

නිවැරිදි ක්‍රමය අනුව එලෙස සිදුකිරීමට හැකියාවක් නැති නමුත් මෙවැන්නක් කෙසේ සිදුකරාදැයි තමන් නොදන්නා බවත් සාක්ෂිකරු පිළිතුරු දුන්නා.

එමෙන්ම 2018 වසරේ වාර්තා අනුව මාසිකව, තඹ මෙට්‍රික් ටොන් 150ක් ද, පිත්තල මෙට්‍රික් ටොන් 100ක් ද, ඇලු‍මිනියම් මෙට්‍රික් ටොන් 50ක් ද කොලෝසස් ආයතය වෙත නිකුත් වී ඇති බව සාක්ෂිකරු පෙන්වා දුන්නා.

සාක්ෂිකරු පැවසුවේ වාර්ෂික පිරිවැටුම ගණණය කිරීමේදී රුපියල් මිලියන 600 සීමාව ඉක්මවා යන නිසා කොලෝසස් ආයතනය මහා පරිමාණ කර්මාන්තයක් ලෙස හදුනාගැනීමට හැකි බවයි.

ඒ අනුව අදාල ආයතනය වෙත අබලි ලෝහ නිකුත් කිරීමට කාර්මික සංවර්ධන මණ්ඩලයට හැකියාවක් නොමැති බවද ඔහු කොමිසමට පෙන්වා දුන්නා.

කාර්මික සංවර්ධන මණ්ඩලය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයට අයත් වන බවත් මෙම ගණුදෙනුවට අදාල කාලයේදී විෂය භාර අමාත්‍යවරයා ලෙස රිෂාඞ් බදියුදීන් මහතා කටයුතු කරමින් සිටි බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා.


ව්‍යාජ බාස්මතී සහල් වෙළඳපොළේ - පාරිභෝගික අධිකාරියෙන් දැනුවත් කිරීමක්
Saturday, 11 July 2020 - 10:58

බාස්මතී සහල් බවට ප්‍රකාශ කර, විදේශ රටවල සිට මෙරටට ගෙන්වා වෙනත්... Read More

කොරෝනාව පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි
Saturday, 11 July 2020 - 10:41

පසුගිය සති 6 තුළ ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දෙගුණයකින්... Read More

කන්දකාඩු කොරෝනා පොකුර දෙවන රැල්ලක ආරම්භයක්ද ? (වීඩියෝ)
Saturday, 11 July 2020 - 10:20

කොරෝනා දෙවෙනි රැල්ලක අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ... Read More