සීගිරිය ඇතුළු පුරාවිද්‍යා නැරඹුම් ස්ථානත් කෞතුකාගාරත් අද විවෘතවෙයි (වීඩියෝ)

Wednesday, 01 July 2020 - 13:06

%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B6%BB%E0%B6%B9%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9E%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොරෝනා වසංගතය හේතුවෙන් මාස තුනකට කාලයක් වසා දැමුණු සීගිරිය අද සංචාරකයින් සඳහා විවෘත වුණා.

කෙසේ වෙතත්, අද දිනයේ එය නැරඹීම සඳහා පැමිණ සිටියේ සීමිත සංචාරකයින් පිරිසක් බවයි දඹුල්ල හිරු වාර්තාකරු කාංචන කුමාර කියා සිටියේ.

එසේම පුරාවිද්‍යා නැරඹුම් ස්ථාන හා ස්මාරක මෙන්ම ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් සියලු කෞතුකාගාර ද අද විවෘත වුණා.

මේ අතර, කොරෝනා ආසාදනය වී සිටි නාවික හමුදාවේ තවත් සාමාජිකයින් 6 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමඟ මේ වනවිට එහි සුවය ලැබු මුළු නාවික හමුදා සමාජිකයින් සංඛ්‍යාව 842 දක්වා ඉහළ ගියා.

තවදුරටත් නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වු 62 නෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයනය අවසන් කළ නාවික හමුදා සාමාජිකයින් 27 දෙනෙකුද අද පිටව ගොස් තිබෙනවා.

මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2047ක් වන අතර, ඉන් 1711 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 325ක්.

එසේම,බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 162 නෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. ඊයේ පෙරවරු 6 සිට අද උදෑසන 5 දක්වා මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.

මේ අතර, කොළඹ වරායේ නැංගුරම්ලා ඇති විදේශීය රටකට අයත් නෞකාවක සේවය කිරීම සඳහා ඉතාලියේ සිට රෝම අගනුවර සිට විදේශීය නාවිකයින් 155 දෙනෙකු අද දිවයිනට පැමිණියා.

මත්තල ගුවන්තොටුපල වෙත පැමිණි ඔවුන් එහිදී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත අතර, එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීමෙන් පසු ඔවුන් මත්තල ගුවන්තොටුපල අවට පිහිටි තාවකාලික නවාතැන් කිහිපයක රඳවා තැබීමට නියමිතයි.

මේ අතර, පසුගිය මාර්තු 9 වනදා සිට මැයි මස 31 වනදා දක්වා විදේශ ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය අවසන් කළ ශ්‍රි ලංකිකයන්ට ලබන 6 වනදා සිට තිරු බදු රහිතව භාණ්ඩ මීළදී ගැනිමට හැකි බව ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ නියෝජ්‍ය සභාපති රජිව් සූරියආරච්චි පවසනවා.

ඒ සඳහා ගුවන් ගමන් බලපත්‍රය, නිරෝධයන සහතිකය සහ ස්වයං නිරෝධායනය වු මහජන සෞඛ්‍ය පරික්ෂක සහතිකය රැගෙන පැමිණිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, සිය දිමනා ලබා නොදීම ඇතුළු ගැටලු 6 ක් මුල් කරගනිමින් වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.


අවු 05ක දැරියකට ලිංගික අතවර කළ පුද්ගලයෙක් සවල් පහරින් මරුට
Saturday, 11 July 2020 - 9:58

වයස අවු 05ක දැරියකට ලිංගික අතවරයක් කළ පුද්ගලයෙකුට සිදුකළ පහරදීමකින්... Read More

බ්‍රිතාන්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 234 දෙනෙකු දිවයිනට රැගෙන එයි
Saturday, 11 July 2020 - 9:03

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා පැනවුණු සීමාවන් හේතුවෙන් ශ්‍රී... Read More

නිරෝධායනය අවසන් කළ තවත් 100 දෙනෙකු නිවෙස් වෙත
Saturday, 11 July 2020 - 8:58

පලාලි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්... Read More