කොටස් වෙළඳපොල ප්‍රහාරයට පාකිස්ථානයෙන් ඉන්දියාවට චෝදනා

Wednesday, 01 July 2020 - 13:09

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
කොටස් වෙළඳපොළට පසුගිය 29 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පසුපස ඉන්දියාව සිටින බවට කිසිදු සැකයක් නොමැති බවට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

කරච්චි නුවර පිහිටි කොටස් වෙළඳපොළට නාදුනන තුවක්කුකරුවන් සිව් දෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් එහි රැදී සිටි ආරක්ෂක නිළධාරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

පාකිස්ථාන අගමැතිවරයා ප්‍රකාශ කළේ කරච්චි නුවරට ත්‍රස්ත ප්‍රහාර එල්ල වන බවට තමන් වෙත බුද්ධි තොරතුරු පෙර සිටම ලැබී තිබූ බවයි.

කෙසේ වෙතත් පාකිස්ථානය එල්ල කරන චෝදනා සියල්ල ඉන්දියාව ප්‍රතික්ෂේප කරන අතර කොටස් වෙළඳපොළට එල්ල වූ ප්‍රහාරයේ වඟකීම බලුචිස්ථාන්හි ක්‍රියාත්මක බී.එල්.ඒ. බෙදුම්වාදි සංවිධානය භාරගෙන තිබෙනවා.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ පාකිස්ථානය ඉන්දියාවට පදනම් විරහිතව එල්ල කරන චෝදනා කලාපයේ ආරක්ෂාවට ඉදිරියේදී තර්ජනයක් විය හැකි බවයි.


මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2615ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 22:36

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2615ක් දක්වා... Read More

\
Sunday, 12 July 2020 - 22:26

අද ‘‘හාඩ්ටෝක්“  විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ... Read More

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය කල් යයි
Sunday, 12 July 2020 - 21:53

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය... Read More