ඇවිදින ගමන් මවකට එක්වරම දරුවෙකු බිහිවූ හැටි අහඹු ලෙස කැමරාවක සටහන් වෙයි (වීඩියෝ)

Wednesday, 01 July 2020 - 18:01

%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B8+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%85%E0%B7%84%E0%B6%B9%E0%B7%94+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
රථවාහන අංගනයකදී නිරුපද්‍රිතව දරු උපතක් සිදුවන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

අදාළ සිදුවීම වාර්තාවන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන්.

මෙම අත්දැකීමට මුහුණ දී ඇත්තේ සූසන් ඇන්ඩර්සන් සහ ජෝසප් නමැති මව්පිය යුවලක්.

ඔවුන් දෙවන දරුවා බිහිකිරීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත යමින් සිටියදීයි මෙලෙස අතරමගදී දරුවා බිහිකර ඇත්තේ.

එහිදී මෙම දරුවා ජලය තුළදී බිහිකිරීම සඳහායි ඔවුන් මෙලෙස එහි පැමිණ ඇත්තේ.

ඒ ජලය තුළදී බිහිවන දරුවන් නිරෝගී ලෙස බිහිවන බවට ඇති විශ්වාසය හේතුවෙන්.

කෙසේ වෙතත් එම වෛද්‍ය මධ්‍යස්ථානයේ වාහන අංගනයෙන් රථය නවතා පිටතට පැමිණීමත් සමඟ දරුවා බිහිවීම සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව එක්වරම එහි පැමිණෙන වෛද්‍ය මධ්‍යස්ථානයේ වින්නඹු සේවිකාවක් විසින් බිහිවී පහතට වැටුණු දරුවා අල්ලාගැනීමට සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත් මෙලෙස බිහිවී ඇති බිලිඳිය නිරෝගීව සිටින බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

අදාළ සිදුවීම වෛද්‍ය මධ්‍යස්ථානයේ සවිකර තිබූ කැමරාවක සටහන්ව තිබීම විශේෂත්වයක්.