ඉන්දීය අගමැති වෙයි-බෝ අතහරී

Thursday, 02 July 2020 - 8:34

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92-%E0%B6%B6%E0%B7%9D+%E0%B6%85%E0%B6%AD%E0%B7%84%E0%B6%BB%E0%B7%93
වෙයි-බෝ චීන සමාජ මාධ්‍ය ජාලයේ තිබූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ගිණුම ඉවත් කරගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සමාජ මාධ්‍ය ජාලයේ මෝදිගේ ගිණුමේ තිබූ ඡායාරූපයද ඉවත් කරගෙන ඇති බවයි.

වෙයි - බෝ චීන සමාජ මාධ්‍ය ජාලයේ නරේන්ද්‍ර මෝදිගේ ගිණුමේ පරිශීලකයින් 240,000 ක් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලඩාක් දේශසීමාවේදී චීන හමුදා සමඟ ඇති වූ ගැටුමෙන් ඉන්දීය සෙබලූන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර, මීට පෙර ඔහු  අතිශය ජනප්‍රිය ටික් ටොක් වීඩියෝ හුවමාරු මෘදුකාංගය ඇතුළු චීනයට සම්බන්ධ මෘදුකාංග යෙදවුම් 59ක් තහනම් කරනු ලැබුවා.