විදුලිබිලට සහන දෙන්න සිව් පුද්ගල කමිටුවක්

Thursday, 02 July 2020 - 9:10

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වසංගතය හේතුවෙන් පනවා තිබූ ඇදිරි නීතිය සමග මාර්තු, අප්‍රේල් මාස සඳහා නිකුත් කරන ලද විදුලිබිල් සම්බන්ධ පැනනැගී ඇති ගැටලු විසඳීම සඳහා සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර විසිනුයි මෙම කමිටුව පත් කර ඇත්තේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් එහි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇති.

එම කමිටු වාර්තාව එළඹෙන සඳුදා දින ලබාදීමට නියමිත බවයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.