නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Thursday, 02 July 2020 - 11:24

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නවසීලන්තයේ සෞඛ්‍ය අමාත්‍ය ඩේවිඩ් ක්ලාක් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මීට පෙර ඔහු එම ධුරයේ වගකීම්වලින් ඉවත් කිරීමට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩ්න් තීරණය කර තිබුණා.

ඒ කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ නවසීලන්තය සම්පූර්ණයෙන් වසා දමා තිබියදී ඩේවිඩ් ක්ලාක් සිය පවුලේ සාමාජිකයන් සමඟ මුහුදු තීරයක විනෝදවීමේ චෝදනාව මතයි.

ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙමින් ඔහු කියා සිටියේ තමන් තවදුරටත් සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරීමෙන් පළක් නොවන බවයි.

ඔහුගේ ඉල්ලා අස්වීම නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

නවසීලන්තයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 1,530 දෙනෙකු වාර්තාවී ඇති අතර මියගිය සංඛ්‍යාව ගණන 22 ක්.

නවසීලන්තය කොරෝනා වසංගතය බොහෝදුරට පාලනය කිරීමට සමත්වූ රටවල් අතරින් එකක් බවයි වාර්තාවන්නේ.