පාස්කු ප්‍රහාරයේ බුද්ධි තොරතුරු පිළිබඳව නිසි ඇගයීමක් නොලැබුනු බව කොමිසමේදී අනාවරණ වෙයි (වීඩියෝ)

Thursday, 02 July 2020 - 13:24

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%87%E0%B6%9C%E0%B6%BA%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පාස්කු ඉරුදින මෙරට දේවස්ථාන වලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබුණද, ආරක්ශක කවුන්සිලයේ හෝ ත්‍රිවිද හමුදා නායකයින් රැස්වන කිසිදු අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බව අනාවරණ වුණා.

ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ උසස් නිලධාරියෙකු සාක්ෂි දුන අවස්ථාවේදීයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමසන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඊයේ සාක්ෂි දුන් බුද්ධි අංශ නිලධාරියා සඳහන් කළේ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය වසරේ අප්‍රේල් 4 වැනිදා රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු ලැබී තිබූ බවයි.

නමුත් ඊට නිසි ඇගයීමක් නොලැබුනු බව බුද්ධි නිලධාරියා සඳහන් කළා.

පාස්කු ඉරු දින ප්‍රහාරය එල්ල වීමට දින 16 ක් වැනි කාලයක් තිබුණද සතිපතා රැස්වන ආරක්ශක කවුන්සිලයේදී හෝ ත්‍රිවිද හමුදා නායකයින් රැස් වූ කිසිදු අවස්තාවකදී මෙවන් ප්‍රහාරයක් සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වී නැහැ.

මෙවන් වටිනා නිශ්චිත තොරතුරු LTTE යුද සමයේදීවත් නොලැබුනු බව බුද්ධි නිලධාරියා ජනාධිපති කොමිසමට පෙන්වා දුන්නා.

අදාළ තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය අවිධිමත් ලෙස කටයුතු කිරීමෙන් මෙම තොරතුරුවල බරපතල කම හීන වූ බව ද සාක්ෂිකරු සඳහන් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට බොහෝ තොරතුරු අනාවරණ වුවත් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය සමග ඔවුන් තොරතුරු බෙදා ගැනීමේ මැලි කමක් දක්වන බවයි බුද්ධි නිලධාරියා කොමිසමට හමුවේ ප්‍රකාශ කළේ.

සාක්ෂිකරු පෙන්වා දුන්නේ මෙලෙස තොරතුරු හුවමාරු කර නොගැනීම හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී බුද්ධි තොරතුරු රැස් කිරීමේදී බෝහෝ දුෂ්කරතා මතු වූ බවයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර වව්නතිව් පොලිස් නිලධාරින් ඝාතනය කිරීම, වනාතවිල්ලුව අවි අයුධ සහ පුපුරණද්‍රව්‍ය සොයා ගැනීම ඇතුලු අවස්ථාවන් 5ක් පිළිබඳ බුද්ධි නිලධාරියා කොමිසමට සිහිපත් කළා.

ඔහු සඳහන් කළේ, අදාළ සිද්ධීන් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් තොරතුරු විමසුවද, ඊට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු සහයෝගයක් නොලබුණු බවයි.

එමෙන්ම අන්තවාදී ඉස්ලාම් මත අනුගමනය කළ සුන්නත් වල් ජමාත් සංවිධානය සමඟ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී සබඳතා පැවැත්වූ බවට 2017 වසරේ ජූනි 11 වන දා තොරතුරු ලැබුණු බව සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා.

ඉන් අනතුරුව ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ මහතායි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් සහ ජමීල් යන අය දැඩි මත දරන පුද්ගලයින් බවට ඔවුන් විවිධඅවස්ථාවන්වලදී සිදු කර ඇති අන්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් අනාවරණ වී තිබූ බව ඔහු කොමිසමට පෙන්වා දුන්නා.

එහිදී කොමිසම වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා සී 4 බී ලෙස සඳහන් ලේඛනයක් සාක්ශිකරුට පෙන්වා සිටියා.

සාක්ෂිකරු එහිදී කියා සිටියේ මෙවැනි නිශ්චිත තොරතුරු සහිත ලේඛනයක් තිබියදීත් පසුගිය වසරේ අප්‍රේල් 21 වනදා ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම ගැන තමන් මවිතයට පත් වූ බවයි.

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ඉදිරිපත් කර තිබූ ලිපිය පරීක්ෂණ වාර්තාවක ස්වරූපයක් ගෙන තිබූ බවත් පොලිස්පතිවරයා සහ හමුදාපතිවරයා දැනුවත් කිරීමට එය කාලෝචිත නොවන බවත් සාක්ෂිකරු පෙන්වා දුන්නා.

බුද්ධි අංශ හිටපු අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මාවනැල්ල බුදු පිලිමවලට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් ද සහරාන් හෂීම් සමග ඉතා සමීපව සබඳතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණ වූ බවයි.

එම අවස්ථාවේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන කළ යුතුව තිබුණේ මෙම බුද්ධි තොරතුරු නිසි ලෙස අවධානයට ගැනීම බවත් එහි බරපතකම අනෙකුත් බුද්ධි නිලධාරීන් සමග බෙදා ගෙන ඊට අදාල මෙහෙයුම් දියත් කිරීම බවයි සාක්ෂිකරු පෙන්වාදුන්නේ.

එහිදී ජනාධිපති කොමිසම විමසා සිටියේ රජ්‍ය බුද්ධි ප්‍රධානියාට ජනාධිපතිවරයා සමග දුරකතනයෙන් ඕනෑම අවස්තාවකදී සම්බන්ධ විය හැකිද යන්නයි.

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියට අපායට ගියත් ජනාධිපතිවරයා සමග සෘජුව සම්බන්ධ විය හැකියි...

හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා කොමිසම හමුවේ කියා සිටියා.


හම්බන්තොට සහ කළුතර ඡන්ද ගණනය කිරීම් සාර්ථකව
Thursday, 06 August 2020 - 11:15

අද පෙරවරු 8 ට පමණ මහ මැතිවරණයේ ඡන්ද ගණනය කිරීම් ආරම්භ වූ අතර,... Read More

අනුරාධපුරය, පොළොන්නරුව සහ වන්නි දිස්ත්‍රික්කවල ඡන්ද ගණන් කිරීම ඇරඹේ
Thursday, 06 August 2020 - 10:10

අනුරාධපුරය, පොළොන්නරුව සහ වන්නි යන දිස්ත්‍රික්කවල ඡන්ද ගණන්... Read More

හෙට දහවල් 12 දක්වා ධීවරයින්ට මුහුදු නොයන්නැයි ඉල්ලීමක්
Thursday, 06 August 2020 - 10:08

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සළකා හෙට දහවල් 12 දක්වා කුඩා සහ... Read More