පුටින්ට වසර 2036 දක්වා බලයේ සිටීමේ අවස්ථාව

Thursday, 02 July 2020 - 14:45

%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+2036+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට 2036 වසර දක්වා බලයේ සිටීමට හැකි වන පරිදි සිදුකරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනතා මත විමසුමක් සිදු කරනු ලැබුවා.

එම මත විමසුමට අනුව රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය සඳහා සියයට 77කගේ කැමැත්ත හිමිව ඇති බවයි එරට මධ්‍යම මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මොස්කව් හි ඡන්ද විමසීම අවසන් වීමට පැය 05ක් ඉතිරිව තිබියදී එරට මැතිවරණ කොමිෂන් සභාවේ නිල ටිවිටර් ගිණුම හරහා මෙම මත විමසුමේ මූලික ප්‍රතිඵල නිකුත් වීම සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝණයක් එල්ල වී තිබෙනවා.

වත්මන් රුසියානු ජනාධිපතිවරයා මේ වනවිට බලයේ සිටින්නේ සිව්වන වතාවටයි.