පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 12 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (වීඩියෝ)

Thursday, 02 July 2020 - 16:39

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+12+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29





හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 12 දෙනා ලබන 8 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා.

ඒ මෙම සැකකරුවන් ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට අද පස්වරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මොවුන්ව මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නීතිපතිවරයා රහස් පොලීසියට උපදෙස් ලබා දී තිබුණේ.

අද අත්අඩංගුවට ගත් පිරිසට පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු, සැරයන්වරු 3 දෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් 6 දෙනෙකු ඇතුළත්.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ පාතාල නායකයන් සමඟ සම්බන්ධ වී කටයුතු කළ බවට චෝදනා එල්ලවීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම රාජ්‍ය බුද්ධි සේවයද පුළුල් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව හෙළිවූ තොරතුරු මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට පත් වුණා.

මෙම නිලධාරීන්ට මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සහයෝගය දැක්වූ තවත් සිවිල් පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබුවේ ලද තොරතුරු වලට අනුවයි.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් රථවාහන, අවිආයුධ මෙන්ම මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලබාගත් රුපියල් කෝටි ගණනින් වූ මුදල්වලින් මිලදී ගත් බව කියන රන් ආභරණ තොගයක් මෙන්ම රුපියල් තුන්කෝටි 12 ලක්ෂයක මුදලක්ද මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories