ගෙවත්තක තිබී පුද්ගල මළ සිරුරක් හමු වෙයි

Thursday, 02 July 2020 - 17:44

%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගල්කිරියාගම උල්පතයාය ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුද්ගල මළසිරුරක් හමුවී තිබෙනවා.

සිරුර සොයා ගෙන ඇත්තේ ගෙවත්තක ගසක එල්ලෙමින් තිබියදී වන අතර, මිය ගිය පුද්ගලයා පූගොඩ උඩකනම්පැල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිිරිදි තිදරු පියෙකු බවයි ගල්කිරියාගම පොලිසිය පවසන්නේ. 

සිද්ධිය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද(02) කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකරනු ලැබුවා. 

වැඩිදුර පරීක්ෂණ සදහා සිරුර දඹුල්ල මහ රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කල බවයි අප වාර්තාකරු සදහන් කළේ. 

මේ සිද්ධිය ඝාතනයක්ද සියදිවි නසාගැනීමක් ද යන්න සොයා පොලීසිය වැඩිදුර විමරශන ආරම්භ කර තිබෙනවා.