ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා ඉහළට

Thursday, 02 July 2020 - 17:56

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+2060+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේ තවත් ආසාදිතයන් 6 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද හමුවූ ආසාදිතයන් අතර කටාර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින 5 දෙනෙකු ද වනවා.

මේවන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 222ක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 1827 දෙනෙකු නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 11ක්.