කොළඹ ජින්තුපිටියේ කොවිඩ් රෝගියා නිරෝධායන ක්‍රියාවලියෙන් හඳුනාගත් අයෙක් (වීඩියෝ)

Friday, 03 July 2020 - 7:13

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ජින්තුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයා ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනය සඳහා යොමුකර සිටි අයෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙලෙස වාර්තාවී ඇති ආසාදිතයා ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයෙක්.

නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ ඔහු ඉන්දියාවේ සිට පැමිණීමෙන් අනතුරුව දින 14 ක අනිවාර්ය නිරෝධායනයට යොමුකර ඇතිබවයි.

කෙසේ වෙතත් එහිදී සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහු කොරෝනා අසාදිතයෙකු නොවන බවට තහවුරු වීමත් සමඟ කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ ඔහුගේ නිවසට යවා ඇත්තේ දින 14 ක නිවාස නිරෝධායනයට යටත්වයි.

එම කාළය තුළදී සිදුකෙරෙන PCR පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිතයෙකු බවයි.

එම ආසාදිතයා මේ වනවිට ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත යොමුකර තිබෙනවා.

ඒ අනුව මෙම රෝගියා සමාජ තුළින් හඳුනාගත් රෝගියෙකු නොවන බවත් නිරෝධායන ක්‍රියාවලිය තුළින් හඳුනාගත් අයෙකු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

මෙම තත්ත්වය යටතේ එම ප්‍රදේශයේ නිවාස 29 ක සිටි 150කට ආසන්න පිරිසක් නිරෝධායන ක්‍රියාවලියට යොමුකර ඇති බවයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිළධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කළා.

ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2066 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔවුන් සියලු දෙනා විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි.

ඒ අනුව මෙම රෝගියා සමාජය තුළින් හඳුනාගත් රෝගියෙකු නොවන බවත්, නිරෝධායන ක්‍රියාවලිය තුළ හඳුනාගත් අයෙකු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 261 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 455 දරණ විශේෂ ගුවන් යානය ජපානයේ නරීටා ගුවන් තොටුපළේ සිට අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ජපානයේ රැකියා සඳහා ගොස් සිටි පිරිසක් මෙලෙස පැමිණි අතර, ඔවුන් කටුනායක ගුවන් තොටුපළේදීම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

එමෙන්ම, වියට්නාමයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 65 දෙනෙකු ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඔවුන් වියට්නාම ගුවන් සේවයට අයත් වී.ජේ 5968 දරණ විශේෂ ගුවන් යානයෙන් හෝචිමිං නුවර සිට මෙරටට පැමිණි බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, මේ මස 06 වැනිදා සිට අදියර කිහිපයක් යටතේ සියලූ පාසල් විවෘත කිරීමට කටයුතු යොදා ඇති බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ පිළිබඳව සියලුම පළාත් සහ කලාප බලධාරීන් මෙන්ම පාසල් ප්‍රධානීන්ද දැනුවත් කර තිබෙනවා.

මග හැරී ගිය ඉගෙනුම් කාලය ආවරණය කිරීමට සහ ඉගෙනුම් කටයුතු සඳහා පමණක් ප්‍රමුඛත්වය ලබාදෙන ලෙසටයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

සියලු ගුරුවරුන් පස්වරු 3.30 තෙක් පාසලේ රැඳී සිටීම අත්‍යවශ්‍ය නොවන අතර, කාලසටහන අනුව නියමිත ඉගෙනුම් කාලච්ඡේද සම්පූර්ණ කිරීම ප්‍රමාණවත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එමෙන්ම, කොරෝනා වෛරසය හමුවේ නිවෙස්ගතව සිටින කාලය සඳහාත් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල ශික්ෂණලාභීන් වෙත රුපියල් පන්දහසක දීමනාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.