තනිවම විහාරය ගොඩනගා අභිරහස් ලෙස අතුරුදන්වූ මුඩගමුවේ සුමින්ද හිමියන්ගේ දේහය අන්තිමට හමුවූ තැන

Friday, 03 July 2020 - 11:31

%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B6%9C%E0%B7%8F+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%94%E0%B6%A9%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1
දික්වැල්ල නිල්වැල්ල මිණිකිරුල විහාරයේ විහාරාධිපති හිමියන්ගේ දේහය එම විහාරය අසල තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස අපවත් වී ඇත්තේ මුඩගමුවේ සුමින්ද හිමි නමැති හිමිනමක්.

අදාළ හිමියන් පසුගිය 30 වනදා තමන් වහන්සේ විසින් පවත්වාගෙන යනු ලබන එළවලු වගාවේ ගොළුබෙල්ලන් ඉවත්කිරීමට ගොස් තිබෙනවා.

එතැන්පටන් අතුරුදන්ව සිටි හිමිනමගේ සිරුර ප්‍රදේශවාසීන්ට දින දෙකකට පසුව හමුව තිබෙනවා.

මේ වනවිට තොරතුරු වාර්තාවී ඇත්තේ වන සතුන්ගෙන් වගා හානිය වැලැක්වීමට ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් උන්වහන්සේ මියයන්නට ඇති බවයි.

ප්‍රදේශවාසීන් පවසන්නේ මිණිකිරුල විහාරාධිපති මුඩගමුවේ සුමින්ද හිමියන්ගේ අපවත්වීම ප්‍රදේශයට සිදුවූ මහත් විශාල පාඩුවක් බවයි.

උන්වහන්සේ ඇතැම් අවස්ථාවල විහාරය ගොඩනැගීම කටයුතුවලදී නොපැකිළව තම ශ්‍රම දායකත්වය සපයා ඇතිබවයි වාර්තාවන්නේ.

උන්වහන්සේගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.