මෝදි ඉන්දීය - චීන දේශසීමාවේ සංචාරයක

Friday, 03 July 2020 - 13:42

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+-+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ලඩාක් ප්‍රදේශයේ චීන හමුදා සමඟ පසුගිය දා ගැටුමක් ඇති වූ දේශසීමාවේ අද සංචාරකයක නිරත වුණා.

පසුගිය ජුනි 15 වන දා සිදුවූ එම ගැටුමේදී ඉන්දීය හමුදා සෙබලුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, 76 දෙනෙකු තුවාල ලැබුවා.

මුහුදු මට්ටමින් අඩි 11,000ක් උසින් හිමාල අඩවියේ පිහිටි මෙම දුෂ්කර දේශසීමා ප්‍රදේශයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහි සිටින ඉන්දීය සෙබලුන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

මේ අතර, චීනය සමඟ උණුසුම් වාතාවරණයක් ඇතිවීමත් සමඟ ඉන්දියාව ප්‍රහාරක ජෙට් යානා 33ක් ඇතුළු යුද උපකරණ රැසක් ඇණවුම් කිරීමට සැරසෙන බව වාර්තා වනවා.

රුසියානු මිග් 29 ප්‍රහාරක යානා 21ක් ද ඊට ඇතුළත් වන අතර, මිසයිල පද්ධති ඇතුළු ඉන්දීය රුපියල් කෝටි 38,900ක් වටිනා අවි ආයුධ මිලදී ගැනීම ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ අනුමැතිය ලබාදුන්නා.