යුරෝපයේ අපරාධ ජාලයක තොරතුරු හෙළිවේ - මත්ද්‍රව්‍ය ටොන් 2ක්, අවි ආයුධ සහ පවුම් මිලියන 54ක් සොයා ගැනේ

Friday, 03 July 2020 - 14:02

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+2%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+54%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ප්‍රවාහනය ඇතුළු අපරාධ සඳහා යොදා ගැනුණු අතිශය රහසිගත සන්නිවේදන පද්ධතියක් බ්‍රිතාන්‍යයේ ජාතික අපරාධ මර්දන ඒජන්සිය මගින් නිරාවරණය කරගෙන තිබෙනවා.

මේ වන විට එම සන්නිවේදනය ජාලය අක්‍රිය කර ඇති අතර, ඊට සම්බන්ධ 800කට වැඩි පිරිසක් යුරෝපයේ රටවල් රැසකින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එන්ක්‍රෝචැට් ලෙස හැදින්වෙන මෙම සන්නිවේදන ජාලය මහා පරිමාණ ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට මෙන්ම ප්‍රචණ්ඩ ප්‍රහාර, ඝාතන ඇතුළු වෙනත් අපරාධ සඳහා ද යොදාගෙන ඇති බව සඳහන්.

මෙම හෙළිදරව්වත් සමඟ මත්ද්‍රව්‍ය ටොන් 2කට වැඩි ප්‍රමාණයක් සහ අවි ආයුධ තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම, අපරාධකරුවන් සතුව තිබූ පවුම් මිලියන 54කට වැඩි මුදල් ප්‍රමාණයක් ද සිය භාරයට ගනු ලැබූ බවයි බ්‍රිතාන්‍ය ජාතික අපරාධ මර්දන ඒජන්සිය සඳහන් කළේ.