ජින්තුපිටියේ 50කට කොරෝනා නැතැයි තහවුරු වේ (වීඩියෝ)

Friday, 03 July 2020 - 16:04

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+50%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොටහේන - ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමඟ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ 154 දෙනාගෙන් 50 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.

එම සියලූදෙනාගේ පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇත්තේ ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.

කෙසේ වෙතත්, ඔවුන් තවදුරටත් සති දෙකක නිරෝධායන කාලයකට යටත් කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ආසාදිතයන් නොවන පිරිස අතර, කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් 10 දෙනෙකු ද වන බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි ක්‍රිෂාන්ත චන්ද්‍රපාල ප්‍රකාශ කළා.

එසේම ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනය වීමෙන් පසු ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් අදාළ රෝගියා සමාජය තුළින් හඳුනාගත් රෝගියෙකු නොවන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.

මේ අතර, අද දිනයේදීත් කොරෝනා ආසාදනය වූ 39 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1866 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, අද දිනයේ මෙතෙක් නව ආසාදිතයන් හඳුනාගෙන නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories