කරුණාට එරෙහි පෙත්සම විභාගය සැප්තැම්බර් 27

Friday, 03 July 2020 - 16:30

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+27
විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් 27 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

කඩුවෙල නාගරික මන්ත්‍රී බෝසෙත් කලහේ පතිරණ විසින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකරනු ලැබුවේ පසුගිය ජුනි මස 25 වනදායි.

කරුණා අම්මාන් පසුගිය දිනක පැවති ජනහමුවකදී අලිමංකඩදී හමුදාවේ දෙතුන් දහසක් ඝාතනය කිරීමට නායකත්වය දුන් තමන් කොරෝනා වසංගතයටත් වඩා භයානක බවට ප්‍රකාශයක් කර තිබුණා.

එම ප්‍රකාශය සමාජය තුළ දැඩි කතාබහකට ලක්වූ අතර, එම ප්‍රකාශය කරුණා අම්මාන් සිදුකළ වැරදි පිලිගැනීමක් ලෙස සලකා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකරනු ලැබුවේ.