ඉන්දීය පොලිස් නිලධාරින් 8 දෙනෙකු වෙඩි වැදී මියයයි

Friday, 03 July 2020 - 17:17

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේදී පුද්ගල ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී අපරාධකරුවන් සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

2001 වසරේ භාරතීය ජනතා පක්ෂයේ දේශපාලනඥයෙකු පොලිස් ස්ථානයක් තුලදී ඝාතතය කිරීමේ චෝදනා ඇතුළු බරපතල අපරාධ සහ මත්ද්‍රව්‍ය චෝදනා 60ක් යටතේ සැකකරු වරදකරු ලෙස නම් කර තිබෙනවා.

ඒ අනුවයි විකාස් ඩුබේ නමැති මෙම අපරාධ කල්ලි සාමාජිකයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත්තේ.

කෙසේ වෙතත්, අපරාධකරුවන් එහිදී පොලීසියට වෙඩි තබා ඇති අතර, සැකකාර ඩුබේ පලාගොස් තිබෙනවා.