රනිල් වික්‍රමසිංහගෙන් CIDය ප්‍රශ්න කරයි (වීඩියෝ)

Friday, 03 July 2020 - 17:33

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+CID%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29




මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගනිමින් සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළේ ඔහුගේ නිවසේදී මෙම ප්‍රකාශය ලබා ගනිමින් සිටින බවයි.

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු සිව් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පතිවරයාට පසුගිය මස 18 වනදා උපදෙස් ලබා දුන්නා.

ඔවුන්ට අමතරව, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ ආර්.පාස්කරලිංගම් සහ මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරි වසන්ත කුමාරගෙන් ද ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories