ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි

Saturday, 04 July 2020 - 6:38

%E0%B6%87%E0%B7%83%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%83%E0%B7%85%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9D+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසළ පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා.

බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බලා දඹදිව කපිලවස්තුපුරයේ සුද්ධෝන රජුගේ බිසව් මහාමායා දේවියගේ කුසයේ පිළිසිඳ ගැන්ම සිදුවූයේ ද ඇසළ පුර පසළොස්වක පොහෝ දින දීයි.

සතර පෙර නිමිති දැකීමෙන් මෙලොවේ අස්ථිර භාවය ගැන අවබෝධ කරගත් සිදුහත් කුමරුන්,ගිහිගෙය අතහැර,“මහා අභිනිෂ්ක්‍රමණය” කරන ලද්දේ ද  ඇසළ පුන් පෝහෝ දිනකදී බව ඉතිහාසයේ සඳහන් වනවා.

අද වැනි ඇසළ පුන් පෝහෝ දිනකදීයි රාහුල කුමරුන්ගේ උපත සිදුවුනේ.

සකල ලෝ වැසියන්ගේ හිතසුව පිණිස වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරදුන්ගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ අද වැනි ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදී වීම විශේෂත්වයක්.

සිරිලක එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමා විසින් තනවන ලද ස්වර්ණමාලි මහා චෛත්‍යයට මුල්ගල තබන ලද්දේ ද ඇසළ පුන් පොහෝ දිනයකදී බවයි මෙරට ඉතිහාසයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

උතුරු සළ නැකතින් රුවන්වැලි මහා සෑ රදුන්ගේ ධාතු නිධානය ද සිදුකරන ලද්දේ ඇසළ පුර පසළොස්වක පෝය දිනකදී වීම විශේෂත්වයක්.

මෙවැනි වටිනා ඓතිහාසික කරුණු රැසක් පදනම් කර ගනිමින් ලෝකවාසී බෞද්ධ ජනයා ඇසළ පුර පසළොස්වක පොහොය සමරනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories