රෝහල් ගත කොරෝනා ආසාදිතයන් 200 ටත් අඩුවෙයි

Saturday, 04 July 2020 - 7:19

%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+200+%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මැඩගස්කර් සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට සහ මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමග මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2069 දක්වා ඉහළ ගියා.

මේ වනවිට මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 195 ක්.

මේ අතර, කොටහේන - ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමඟ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ 154 දෙනාගෙන් 50 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.

එම සියලූදෙනාගේ පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇත්තේ ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.

කෙසේ වෙතත්, ඔවුන් තවදුරටත් සති දෙකක නිරෝධායන කාලයකට යටත් කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

මේ අතර, කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ ග්‍රහලෝකාගාර දර්ශන නැවත ලබන 7 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් සියලූ දර්ශන සීමිත නරඹන්නන් ප්‍රමාණයක් පමණක් සහභාගි කර ගනිමින් සිදුකරන බවයි.