ඇමති ඩලස් ලෙස දුරකථනයෙන් අමතා රැකියාවක් ලබාගැනීමට ගිය අයෙකු අත්අඩංගුවට

Saturday, 04 July 2020 - 9:11

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ නම භාවිත කරමින් ව්‍යාජ වට්ස් ඇප් ගිණුම් හරහා රැකියා ලබා ගැනීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව ඊයේ මාතර නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම පුද්ගලයා මාතර - වල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

40 හැවිරිදි ඔහු, තමාට පෞද්ගලික ආයතනයක අලෙවි අධ්‍යක්ෂ තනතුරකට රැකියාවක් ලබා ගැනීම සඳහා ඇමතුම් ලබාදීමේදියි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එසේම ඔහු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ලෙස මෙන්ම ඔහුගේ ඥාතියෙකු ලෙස ද අවස්ථා කිහිපයකදී අදාළ පෞද්ගලික ආයතනයේ පරිපාලනයට වට්ස් ඇප් ඇමතුම් ලබාදී ඇති බව ද අනාවරණ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories