ඉන්දියාවේ පැය 24ක් තුළ කොරෝනා ආසාදිතයන් 22,000ක්

Saturday, 04 July 2020 - 11:14

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+22%2C000%E0%B6%9A%E0%B7%8A
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 22,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එය මෙතෙක් ඉන්දියාවෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාවයි.

ඒ අනුව ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හයලක්ෂ 48,000 ඉක්මවනවා.

ඉන්දියාවෙන් කොරෝනා මරණ 18,669ක් ද වාර්තා වුණා. කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර, තමිල්නාඩු, දිල්ලි සහ ගුජරාට් ප්‍රාන්තයි.

තමිල්නාඩුවේ චෙන්නායි නුවර පමණක් ආසාදිතයන් එක්ලක්ෂ 2721ක් වාර්තා වන අතර, එහි මරණ සංඛ්‍යාව 1385ක්.