පාකිස්තානයේ වෑන් රථයක් දුම්රියක ගැටී 21ක් මරුට

Saturday, 04 July 2020 - 12:49

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+21%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සීක දෙවොලකට ගොස් පැමිණෙමින් සිටි බැතිමතුන් රැගත් වෑන් රථයක් දුම්රියක ගැටීමෙන් එහි ගමන් ගත් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වෑන් රථය, කරච්චි නුවර සිට ලාහෝර් බලා ගමන් ගත් මගී දුම්රියක මෙලෙස ගැටී ඇත්තේ එය කෙටි මාර්ගයකින් දුම්රිය හරස් මාර්ගය මඟහැර යාමට උත්සාහ කිරීමේදියි.

කාන්තාවන් 9 දෙනෙකු සහ කුඩා ළමයෙකු ද මිය ගිය අය අතර සිටින බව සඳහන්.

ඊයේ සිදුවූ මෙම අනතුරේදී තවත් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නියෝග කර ඇති අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ඒ පිලිබදව කණස්සල්ල පළ කළා.