පිටරටින් ධාන්‍ය ආනයනය නතර කිරීමට හේතුව ජනපති කියයි (වීඩියෝ)

Saturday, 04 July 2020 - 13:36

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මෙරට ගොවි ජනතාවගේ අස්වැන්නට ඉහළ මිලක් ලබාදීමේ අපේක්ෂාවෙන් පිටරටින් ධාන්‍ය ආනයනය නතර කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා.

ඒ, අනුරාධපුර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපෙක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන හමු කිහිපයකට එක්වෙමින්.

මැදවච්චිය සේනානායක ළමා උද්‍යානය අසල සංවිධානය කර තිබූ ජන හමුවකට එක්වූ ජනාධිපතිවරයා  එම ප්‍රදේශයේ ජනතාව මුහුණපා ඇති අලි මිනිස් ගැටුම සම්බන්ධ ගැටලු පිළිබඳ ඔවුන් සමග සාකච්ඡා කළා.

අනුරාධපුර බස්නාහිර, තොලුවිල පුරාවිද්‍යා රක්ෂිතය අසල සංවිධානය කර තිබූ ජන හමුවකටද ජනාධිපතිවරයා එක්වුණා.

ඉන් අනතුරුව අනුරාධපුර බැංකු හංදිය අසල සංවිධානය කර තිබූ ජන හමුවකටත් ජනාධිපතිවරයා සහභාගී වුණා.

අනුරාධපුර කඩපනහ අසල සංවිධානය කර තිබූ ජන හමුවකට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි පැමිණ සිටි පිරිස සමග  කතාබහක නිරතවුණේ මෙලෙසින්.

කූඹිඑළුවන්කුලම වැව අසල ජන හමුවට ජනාධිපතිවරයා සහභාගී වූයේ ඉන් අනතුරුවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories